Last Updated on May 16, 2021 by Desman Chathuranga
පළමු මාත්‍රාව ලෙස AstraZeneca (ඇස්ට්‍රාසෙනෙකා) එන්නත ලබාගත් අය වෙනුවෙන් එහි දෙවන මාත්‍රාව ලබාදිම සදහා රජය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ලබාගෙන තිබේන බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි දෙසතිය තුල ම එන්නත් තොග ලංකාවට ලැබෙනු ඇති බවත් ලැබුන සැනින් එන්නත්කරනය ආරම්භ කිරිමට කටයුතු යොදා තිබෙන බවද දැනගන්නට තිබේ.
මේ වසරේ ජනවාරි අග ආරම්භ කර එන්නත්කරන වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලෙස 900,000 කට අධික සංඛ්‍යාවකට AstraZeneca එන්නත ලබාදිමට කටයුතු කර තිබු අතර අදාළ එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම සම්බන්ධයෙන් ගැටලු මතුවුයේ එන්නත් තොග නොලැබීම හේතුවෙනි.කෙසේවෙතත් මේ වනවිට දියත් වන එන්නත්කරන වැඩසටහන් යටතේ රජය සන්තකයේ තිබු 350,000 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතයට ගෙන තිබේන අතර ඉතිරි මාත්‍රා ප්‍රමාණය ලබා ගැනිම සදහා කටයුතු කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා සමග කල සාකච්ඡාවෙදි පවා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිඟය පිළිබඳ ප්රශ්නය මතුකල අතර ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය සපුරාලීමට WHO කටයුතු කරනු ඇති බවටද විශ්වාසය පලකර සිටියා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි