counter hit xanga
October 21, 2021

Covid වලට එරෙහි ආණ්ඩුවේ ඉලක්කය!

අපේ ඉලක්කය දකුණු ආසියාවේ රටවල් අතරින් ඉතාමත් කඩිනමින් එන්නත්කරණය කළ රට බවට අපේ රට පත් කරවීම.

Last Updated on June 24, 2021 by Panduka Herath

දකුණු ආසියාවේ රටවල් අතරින් ඉතාමත් කඩිනමින් එන්නත්කරණය කළ රට බවට පත්විම අපේ ඉලක්කය වී ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්‍රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ #කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි සියලුම පියවර ආණ්ඩුවක් විධියට ගන්නා බවයි.

දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්‍රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා යොදාගත් ගොඩනැගිල්ල ව්‍යාපාරික එම්.එම්.ඒ.ස්මයිල් මහතා විසින් නොමිලේ ලබා දෙන ලදි. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා රට පුරා ස්ථාපිත කරනු ලබන අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස උලහිටිවල මධ්‍යස්ථානය අද පටන් ක්‍රියාත්මක වනු ඇත.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි සියලුම පියවර අපි ආණ්ඩුවක් විධියට ගන්නවා. ඒ වගේම එන්නත්කරණය මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්කවලට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ පරිදි මේ සතියේ තවත් එන්නත් ප්‍රමාණයක් ලබා දෙනවා.

ඒ වගේම ඉදිරි එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට වැඩකටයුතු සැළසුම්කරලා තිබෙනවා.

අපේ ඉලක්කය දකුණු ආසියාවේ රටවල් අතරින් ඉතාමත් කඩිනමින් එන්නත්කරණය කළ රට බවට අපේ රට පත් කරවීම.

ඒ හරහා ආර්ථික කටයුතු සඳහා රට විවෘත කළ හැකි පරිසරය නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හරහා රෝගීන්ව තමන්ගේ දිස්ත්‍රික්කය තුළ රදවා ගනිමින් ප්‍රතිකාර කිරීම අපේ අරමුණ.

මෙවැනි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම, හැකිනම් සෑම ආසනයකම විවෘත කරන්න අපි කටයුතු කරනවා.

මෙම කටයුත්ත සඳහා රජයට ශක්තියක් වෙමින් ඉදිරියට පැමිණෙන සියලු ධානපතියන් හට මා විශේෂ ස්තුතියක් පුද කරනවා.

අද දින විවෘත කළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පෞද්ගලික පාසල් ගොඩනැගිල්ලක් ලබා දුන් ස්මයිල් මහතාට ස්තූතිවන්ත වෙනවා. එතුමා වගේ ඉදිරියට පැමිණ උපකාර කරන අයට අපි හදවතින් ස්තූතිවන්ත වෙනවා.