Last Updated on June 17, 2021 by Panduka Herath
ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (16) පෙරවරුවේ රැස්වි සාකච්ඡාවක නිරත වි තිබේ. ecast දේශපාලන වාර්තාකරු සදහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර ඇති බවයි.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගත් ක්‍රියාමාර්ගය සහ ඉන් අනතුරුව ඇතිවු තත්ත්වයන් පිළිබඳව එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා වි තිබේ.
ඉන්ධන මිල ඉහල දැමිම සහ ඉන් පසු මතුවු අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මිළග ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කිරීමට එහිදි එකඟතාව පලවි තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ,මහාචාර්ය චරිත හේරත්,මධුර විතානගේ, ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඇතුලු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ එම සාකච්ඡාව සදහා සහභාගි වි තිබේ.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!