counter hit xanga
October 26, 2021

ගරාජ්වලත් මේ වගේ නිල ඇඳුම් තියෙනවා!

Last Updated on July 1, 2021 by Panduka Herath

තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වන්නේ චීන ආරක්‍ෂක අංශවලට සම්බන්ධ නිළධාරීන් නොවන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යොදවා තිබීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පූර්ණ පරීක්‍ෂණයක් සිදුකළ බවත්, එය එම චීන ජාතිකයින් නියෝජනය කරන ආයතනයේ නිල ඇඳුමක් බව එහිදී හෙළි වූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ හමුවේ අමාත්‍යවරයා සදහන් කළේ “ගරාජ්වලත් එවැනි නිල ඇඳුම් ඇති බවයි”.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතික පිරිසක් යොදවා හම්බන්තොට, තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කල බවට පලවු පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අදාළ ඇදුම ආරක්‍ෂක සේවා සපයන ආයතනවලත් ලියාපදිංචි නිල ඇඳුම් ආකාරයේ ආයතනකට අයත් සාමාන්‍ය ඇඳුමක් බව පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි ද සදහන් කළා.එබැවින් එවැනි ඇඳුමක් ඇඳීමේ වරදක් නැතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා බුද්ධි අංශය දන්වා තිබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ප්‍රතිසංස්කරණ කටයුතුවලදි පුරාවිද්‍යා පනත් උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව ද රඹුක්වැල්ල මහතා පැවසීය.