counter hit xanga
October 18, 2021

GSP+ රටවල් මට්ටු කිරීමේ උපකරණයක්!

Wasantha Yapabandara lankaecast
රටක මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ රජයකට ජනතා සම්මුතියකින් ගෙනා පනතක් අහෝසි කරන්න කියා EU වගේ බාහිර බලවේගයකට බලපෑම් කරන්න මොකක්ද තිබෙන අයිතිය.

Last Updated on June 24, 2021 by Panduka Herath

යුරෝපා සංවිධානය GSP+ භාවිතා කරනු ලබන්නේ ඇතැම් රටවල් මට්ටු කිරීමේ උපකරණයක් ලෙස බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගන්නා ලෙස ඔවුන් රජයට බලකරන්නේ කුමන පදනමක් යටතේද යන්න ප්‍රශ්නයක් බවයි.

කෙසේවෙතත් වත්මන් රජය කිසිවිටෙකත් ඔවුන්ගේ අතකොළුවක් වීමේ සූදානමක් නොමැති බවත් කිසිවකුගේ කොන්දේසි මත කටයුතු කිරීමට රජය සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

“යුරෝපා සංවිධානය තීරුබදු නිදහසක් ලබාදෙන අතර අපට බලකරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළොත් පමණක් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දෙන බවට. රටක මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ රජයකට ජනතා සම්මුතියකින් ගෙනා පනතක් අහෝසි කරන්න කියා යුරෝපා සංගමය වගේ බාහිර බලවේගයකට බලපෑම් කරන්න මොකක්ද තිබෙන අයිතිය. අපේ රටේ පාර්ලිමේන්තුව හරහා සම්මත කළ පනත් නතර කරන්න ඔවුන්ට තිබෙන බලය කුමක්ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නතර කළ යුතු බවට බලපෑම් කිරීම ස්වෛරී රජයකට දණ්ඩනයක් නෙවෙයිද කියලා මම අහන්න කැමතියි.”