counter hit xanga

හරීන්ගේ හොරේ මෙන්න! හිරේ යන්න බය හරින් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

Last Updated on April 27, 2021 by Desman Chathuranga

පාස්කු ප‍්‍රහාර සිද්ධියට අදාළව තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ පාස්කු ප‍්‍රහාර සිද්ධිය පිළිබද තමා මාධ්‍යයට කළ ප‍්‍රකාශ පදනම් කරගෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමට සුදානමක් ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ සෙනවිරත්න, පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

පසුගියදා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ සාක්ෂී තමන් සතුව ඇති බවට ප්‍රකාශ නිකුත් කර තිබුනා. පසුව ඒම ප්‍රකාශ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරික්ෂණයක් කරන ලෙසට ඉල්ලිමක්ද කර තිබුනා.

කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහල් ගත විමට හෙතු වි ඇත්තේ පාර්ලිමේන්තුව තුලදි තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට තර්ජනය කර පහරදිම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර තිබිම බවයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ.