Last Updated on April 22, 2021 by Desman Chathuranga
හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා අත් අඩංගුවට ගැනිමේ සුදානමක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා කල ප්රකාශය සහ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි තිස්ස කුට්ටිආරච්චි මහතා හරීන්ට එරෙහිව සිදුකල පැමිණිල්ල හේතුවෙන් භියට පත්වු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා රෝහල් ගතව ඇති බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා. හරීන් මේ වනවිට කොළඹ නවලෝක පුද්ගලික රෝහලක නේවාසික ප්රතිකාර ලබමින් පසුවේ
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට පහර දුන් බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊට හේතුව වි ඇත්තේ ඊයේ (21) පාර්ලිමේන්තුව තුල ඇතිවු ගැටුම්කාරි තත්ත්වය අතරතුර හරීන් ප්රනාන්දු මන්ත්රිවරයා තමාට පහර දුන් බවට කුට්ටිආරච්චි මහතා කට උත්තරය ලබාදි තිබේ.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගොස් මන්ත්රිවරයාගෙන් පැමිණිල්ලට අදාල ප්රකාශය සටහන් කරගෙන ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර හරීන් ප්රනාන්දු මහතාගෙන් ද ප්රකාශ සටහන් කරගන්නා බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
“විපක්ෂයේ සක්රීය මන්ත්රිවරයෙක් හරීන් පුනාන්දු මන්ත්රීතුමා. එතුමා ක්රියාශීලීව කටයුතු කරනවා. අද එතුමට එන්න කියලා තියෙනවා රහස් පොලීසියට. මොකටද මේ එතුමා අත්අඩංගුවට ගන්න. එතුමා මර්දනය කරන්න. තමන්ට එරෙහිව නැගී සිටිනවා යැයි වශ්වාස කරන අයට පහරදීමක් සිදුවෙනවා.”
මේ අතර පාස්කු ප්රහාරය සහ එයට සම්බන්ධ යැයි පවසමින් විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් වන හරීන් ප්රනාන්දු හා මනුෂ නානායක්කාර කරන ප්රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CIDයට ඊයේ පැමිණිල්ලක්ද ඉදිරිපත් වුනා.
cialis price compare tadalafil
ivermectin cream 5% ivermectin where to buy for humans
cialis for entertainment purposes cialis pills
https://gabapentin.icu/# neurontin 300 mg capsule
https://gabapentin.icu/# cost of brand name neurontin
https://withoutprescription.store/# canadian pharmacy online
online ed pills cheap erectile dysfunction pill