counter hit xanga
October 18, 2021

ශවේන්ද්‍ර ගැන බොරුව හැදුවේ හරීන්ගේ මඩ බලකාය!

Shavendra Silva lankaecast

Last Updated on May 4, 2021 by Panduka Herath

පවතින කොරෝනා තත්ත්වය සලකා විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කරමින් නියෝගය ක්‍රියාත්මක කර තිබියදි කොරෝනා මර්දන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ හෝටලයක පැවැති විවාහ උත්සවයකට එක්වු බවට ගෙනගිය ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව හමුදාපතිවරයා අවධාරණය කරනවා.

හමුදාපතිවරයාගේ සහෝදරියගේ දියණියගේ විවාහය උත්සවය ඊයේ (03) පැවැත්වෙන බවත් එම මංගල උත්සවය නිසාම විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කරමින් පැනවූ නියෝගය අද (04) සිට ක්‍රියාත්මක කිරිමට කටයුතු කර තිබේන බවටද අසත්‍ය මඩ ප්‍රචාරයක් දියත් කර තිබුනේ සකස් කරන ලද ඡායාරූප ද සහිතවයි.

මෙම අසත්‍ය මඩ ප්‍රහාර හමුවේ හමුදාපතිවරය සදහන් කළේ මෙම ඡායාරූපය ව්‍යාජ ලෙස සකසා ගත් එකක් බවත් යුද හමුදාපතිරයාගනේ සහෝදරියගේ දියණිය තවමත් පාසල් යන වයසේ පසුවන බවත්ය.

ඊයේ දිනයේ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ අදාළ උත්සවයේ බවට පවසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ඡායාරූපයේ ඇත්තේ තමන් යුද්ධ හමුදාපතිධූරයට පත්වූ දිනයේ ලබාගත් ඡායාරූපයක් බවයි.

අදාළ ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයා ඉන් පැය 12 කට පසු එය නිවැරදි කර, එම විවාහ මංගල්‍යය යුද්ධ හමුදාපතිවරයාගේ ඥාතියෙකුගේ නොව හමුදාවේ වෙනත් නිලධාරියෙකුගේ බව දක්වා ඇති බව ද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

BBA

හමුදාපතිවරයා ඉලක්ක කර මෙම අසත්‍ය මඩ ප්‍රචාරය දියත් කර තිබුනේ දැනට ලංකාවේන් පැනගොස් විදේශ රටක සැගව සිටින භාරත නැමැත්තේකු විසින් බවයි ecast දේශපාලන වාර්තාකරු සදහන් කලේ. භාරත නැමැත්තා යහපාලන සමයේ ජාතික ආරක්ෂාව බිංදුවටම දමා කටයුතු කල මේ වනවිට පාස්කු ප්‍රහාරයේ වගකිම් පැහැර හැරිම සම්බන්ධයෙන් වැඩිම චෝදනා සහිත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ලේකම්වරයෙකු ලෙසත් මෛත්‍රීපාල සිරිසේනගේ ජනපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු ලෙසද පෙනී සිටි අයෙකු වන අතර සිරිසේන ජනාධිපතිවරයාගේ අවසානයත් සමග රටින් පැනගොස් තිබේ. මිට අමතරව සිරිසේනගේ අවසන් සමයේ ජනපති මාධ්‍ය අංශයට අවශ්‍ය පරිඝණක සහ උපකරණ මිලට ගැනීමට වෙන් කරවා ගත් මුදල් අවභාවිතා කිරිමක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වි තිබේ.

මේ වනවිට රෝහල්ගතව සැඟවී සිටින මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සමග එක්ව පසුගිය කාලයේ ආණ්ඩුවට විරුද්ධව විවිධ අසත්‍ය චෝදනා සමාජ ජාලා ගත කිරිමේ කුප්‍රකට මෙහෙයුමට භාරතද සම්බන්ධ වි ඇති අතර මේ වනවිට විදේශයේ සිට එම මෙහෙයුම සිදුකරන බවටද තොරතුරු අනාවරණය වි තිබේ.එම මඩ බලකයට කුප්‍රකට මඩ සමාජ ජාලා මෙහෙයවන්නෙකු වන නුවන් නිරෝධ නැමත්තාද එලිපිටම සහය දි තිබුනේ මෙසේය.

කොරෝනා මර්දණ වැඩසටහන සාර්ථකව මෙහෙයවිම සම්බන්ධයෙන් විපක්ෂයේ බහුතරයකගේ මෙන්ම ඇතැම් මිලිටරි කරණයට එරෙහිව යැයි පෙනී සිටින සිවිල් සංවිධාන හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් බරපතල අවුලක සිටින බව දකින්නට තිබේ.

Nuwan