counter hit xanga
October 26, 2021

රාසමාණික්කම්ගේ ප්‍රශ්ණයට උත්තරය මෙන්න

Last Updated on May 10, 2021 by Panduka Herath

COVID-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින රුපියල් 1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර තිබේන බව අරමුදලේ කළමනාකරණ මණ්ඩලය කියා සිටී.අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24ක් වන අතර මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ. එය සමස්ථ එකතු වූ මුදලින් 23% කි.

අරමුදලට බැර වූ මුළු මුදල – රු. 1,752,402,793.24
අරමුදලේ පවතින ශේෂය – රු. 1,360,922,969.24

ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා ප්‍රමාණයක් වුවද අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ.

අරමුදල මුදල් වැය කළ ආකාරය පහත පරිදි වේ.

වසංගතය වෙනුවෙන් දරා ඇති වියදම්

PCR පරීක්ෂණ ආශ්‍රිත වියදම් – 42,605,812.00
දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා – 67,543,967.00
නිරෝධායන කටයුතු සඳහා වූ ආශ්‍රිත වියදම් – 38,031,065.00
පරිපාලන වියදම් – 3,000.00
ගෙවීමට ඇති බැරකම්

එන්නත්කරණය ආශ්‍රිත වියදම් – 41,545,980.00
ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා – 194,000,000.00
ICU ඇඳන් මිලදී ගැනීම සඳහා – 7,750,000.00
ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුලු වියදම – 391,479,824.00

මෙම සියලු වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුධ හමුදා මූලස්ථානය මඟිනි.

ජනතාව, දේශීය ආයතන කිහිපයක් හා විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉටුකම කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග සිදුකර තිබේන නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන කොවිඩ්-19 අරමුදලට දායක වී නැත.

ජාත්‍යන්තර නීති අනුව විදේශ ආධාර හා පරිත්‍යාග සිදු කෙරෙනුයේ මහා භාණ්ඩාගාරය වෙත වන අතර මෙම අරමුදලත්, ජාත්‍යන්තර ආයතන වලින් ලද පරිත්‍යාගත් අතර කිසිදු සම්බන්ධතාවයක් නැත. තවද 2020 වර්ෂය තුල කොවිඩ් 19 අරමුදලට මහජන පරිත්‍යාග වැඩි වශයෙන් ලැබුනද, 2021 වර්ෂයේ අප්‍රේල් මස තෙක් ලැබී ඇති පරිත්‍යාග වල මාසික සාමාන්‍ය රුපියල් මිලියන 7ක් පමණ වේ.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන් තුල ප්‍රචාරණය වන තොරතුරු සත්‍ය නොවන අතර 2020 වර්ෂයේ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත බාර දී ඇතැයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය කියා සිටී.

අරමුදල සදහා ඩබ්.ජී. ජයනි තිලක්ෂණා කරුණාරත්න දියණිය රුපියල් 3,000ක මුදලක් මෙන්ම සෙනුරි ප්‍රබෝධනී නවරත්න දියණිය රුපියල් 180ක මුදලක්ද පරිත්‍යාග කිරිම විශේෂත්වයක්.

ඉටුකම අරමුදලේ විශාල මුදලක් එක් වී තිබුණද මෙරට කොරෝනා පාලනයට අත්‍යාවශ්‍ය රසායනාගාර වල දැඩි හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පෙරේදා ප්‍රකාශයක් කරමින් කියා තිබුනා. COVID අරමුදලේ ඉතිරි මුදල් වලට කුමක් වුයේද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර සිටියේ කොරෝනාවට එරෙහි එන්නත ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ය. මේ දිනවල විපක්ෂයේ ජනතාවගේ වීරයා බවටද පත්ව ඇත්තේද රාසමාණික්කම්ය.

පසුගිය කුරිරු ත්‍රස්තවාදී කොටි ජනසංහාරය කරමින් උතුරේ ජනතාවගේ මුදල් කොල්ල කා ගන්නා සමයේ නිහඩව සිටි රාසමාණික්කම්ලා මේ අකාරයෙන් ප්‍රශ්ණ කිරිම ගැන ලැජ්ජා විය යුතුය. අනිත් අතට අරමුදලේ සල්ලි වලට කුමක් වුයේද යන්න ප්‍රශ්ණ කරන රාසමාණික්කම්ලා නියෝජනය කරන TNA පක්ෂයෙන් රුපියලක හෝ මුදලක් අරමුදලට ලැබි නෑ.