Last Updated on April 27, 2021 by Desman Chathuranga
රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුකර එය වසන් කිරිමට තැත් කිරිමට උත්සහ කිරිම ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) දැනුම් දුන්නා.
රාජගිරිය ප‍්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදුකර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදි එහිදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් අයැද තිබේ.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයේ කාලය ඉතිරිකර ගැනීම සඳහා මෙම නඩුවට අදාළ විත්තියේ මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවයි. විනිසුරුවරයාද එම ඉල්ලිමට එකඟතාව පලකර තිබේ.
රාජගිරිය ප‍්‍රදේශයේ 2016 වසරේදී රිය අනතුරක් සිදුකර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට චෝදනා එල්ල වි තිබේන අතර දාළ සිද්ධියේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී රථය පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා බවට මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලූම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් වෙනම නඩු පවරා තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?