Last Updated on February 27, 2023 by Lankae Cast
2005 සිට 2015 දක්වා Aitken Spence සතු ACE Power Embilipitiya (Pvt) Ltd සමාගම රුපියල් බිලියන 8.57ක ශුද්ධ ලාභයක් හෙවත් රුපියල් බිලියන 1.67ක් වූ එහි මූලික ප්‍රාග්ධනයෙන් සියයට 511ක් උපයා ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබේ.
2015 දී තාප බලාගාර 3 ක් වසා දැමුවේ මෙම බලාගාර සමග අත්සන් කළ ගිවිසුම්වලින් ලද අලාභයන් නිසා බව එවකට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. මාතර, පුත්තලම සහ ඇඹිලිපිටිය තාප විදුලි බලාගාර තුන මෙසේ වසා දැමිණ. විදුලිය ප්‍රධාන වශයෙන් නිපදවීම සිදුවූයේ ඩීසල් වලිනි. ඒ හේතුවෙන් ඩීසල් බලාගාර හිමියෝ ලංකා විදුලිබල මණ්ඩලයට බලපෑම් කරමින් සිටියේය. එම ඩීසල් මාෆියාව නැවැත්වීම උදෙසා ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සැපයූ ප්‍රධාන තාප විදුලි බලාගාර 03 ක් එසේ වසා දැමීමට තීරණය කෙරිණ.
ඇඹිලිපිටිය ඒ.එස්. බලාගාරය මෙගාවොට් 100ක ධාරිතාවයක් සහිත වූ අතර, වසාදැමීමේ තීරණයත් සමග වාර්ෂිකව ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට සිදුවූ ධාරිතා ගාස්තු මිලියන 3000ත් 3500ත් අතර ප්‍රමාණය එනම්, මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි බලය සැපයුවත් නැතත් ගෙවීමට සිදුවූ ධාරිතා ගාස්තුව ඉතිරි කර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබිණ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ ද, කරු ජයසූරිය මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය ද දරණ සමයේ අත්සන් කරන ලද මෙම ඇඹිලිපිටිය බලාගාරය සම්බන්ධ ගිවිසුම ‘කැටපිලර්’ නම් අමෙරිකානු සමාගමේ බලපෑම මත සිදුවූ ටෙන්ඩර් පටිපාටියට බැහැරව අත්සන් කරන ලද ගිවිසුමකි. විශේෂත්වය වන්නේ මෙම බලාගාර ගිවිසුම් ජාතික බලශක්ති සැලසුමට ද අන්තර්ගත නොවූ සැළසුමකි.
වසර 10 ක් සඳහා අත්සන් කෙරුණු ඇඹිලිපිටිය බලාගාරයට අදාළ ගිවිසුම 2013 දී අවසන් වන නමුත්, 2015 දක්වා එය ක්‍රියාත්මක විය. 2015 වසරේ දී පාඨලී චම්පික රණවක මහතා අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව අදාළ බලාගාරය ඇතුළු බලාගාර තුනක් එසේ වසා දැමීමට පියවර ගැනිණ. 2015 දී රු. කෝටි 4500 ක අලාභයක් අපේක්ෂා කළ ලංකා විදුලි බල මණ්ඩලය රු. කෝටි 2000 ක ලාභයක් ලබන්නට හේතු වූ අතර, විදුලිබිල දැරිය හැකි මට්ටමේ තබාගැනීමට ද ඉවහල් විය. එම තීරණය නිසාම එම කාල සීමාව තුළදී කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකිරීම ද විශේෂත්වයකි. කෙසේවෙතත් මේ නිසාම විදුලි මාෆියාව විසින් බලපෑම් කොට රණවක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
2001/2 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම්වල ‘හදිසි අවශ්‍යතා’ වෙනුවෙන් පෞද්ගලික සමාගම් වෙත සිදුකරන ලද මිල ගණන් කැඳවීමේ දී මෙවන් ගිවිසුම් අත්සන් කර තිබිණ.
මෙම ගිවිසුම්වලට අදාළ ප්‍රාග්ධනය අය කර ගැනීම් සිදු කර තිබූ නිසා 2015 තමන් අමාත්‍යධුරයට පත් වූ පසු මෙම ගිවිසුම් 5 ක් අවසානයේ අදාළ සමාගම් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත්, ‘බාජ්’ නම් ජපාන සමාගම හැර අනෙක් සමාගම් ඊට එකඟ නොවූ බව පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ ජපාන සමාගම ලංවිමය වෙත පවරාගත් අතර, පුත්තලම් බලාගාරය හිමි සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගන්නා ලදී. අනෙක් සමාගම් තමන්ව අමාත්‍යධුරයෙන් ඉවත් කොට දිගටම අදාළ ක්‍රියාවලියේ නිරත වූ බව ද හෙතෙම සඳහන් කළේය.
ඇඹිලිපිටිය බලාගාර සමාගම මෙසේ ලාභ ලැබූ නමුත්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ACE Power වෙතින් විදුලිය මිලදී ගැනීම දිගටම සිදු කළේ සාමාන්‍ය ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිකම නිසා හෝ “හදිසි අවශ්‍යතාවයක්” නිසා නොවේ. එය එසේ සිදුකර ඇත්තේ උපයෝගිතා මධ්‍යම හා දිගුකාලීන විදුලි ජනන සැලැස්මක් ක්‍රියාත්මක කර නොතිබීම සහ එහි සම්ප්‍රේෂණ ජාලයේ ඇති අඩුපාඩු පියවා ගැනීමේ මාධ්‍යයක් ලෙස බව ජාතික විගණන කාර්යාලයේ (NAO) විශේෂ වාර්තාවක් මගින් අනාවරණය වී ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පවසයි.
ගල් අඟුරු, ඩීසල්, මාෆියාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර සිදුවන මේ නාටකය තවමත් අවසන් ව නැත. විදුලි ඉල්ලුම අඩුවී තිබෙන තත්ත්වයක් තුළ ද, මෙම බලාගාර පවත්වාගෙන යමින් සිදු කරගෙන යන එම නාටකයේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති සංරක්ෂණ ක්‍රියාවලිය දරුණු අනතුරකට ලක් ව තිබේ.
මෙය අද දරාගත නොහැකි විදුලි බිලක් බවට පත්වෙමින් ජනතාවගේ හිස මත කඩා වට්ටවා තිබේ. මෙම නාටකවල අහිතකර ප්‍රතිඵලවල සහ අමනෝඥ තීරණවල බරත් අද දැරීමට සිදුව ඇත්තේ දැවැන්ත විදුලිබිලක් ගෙවන මහජනතාවටය!
More Stories
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ
මැතිවරණ ක්රියාවලියද අත්‍යවශ්‍ය සේවාවකි – ජෙහාන් පෙරේරා