counter hit xanga
October 22, 2021

චන්දිමාල්,පියුමි ඇතුළු වු දොර?

Last Updated on June 3, 2021 by Panduka Herath

සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි පුද්ගලයන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් ගෙන කරන ප්‍රශ්ණ කිරිම වලදි ඔහුන් තොරතුරු සඟවන බවට පොලිසීය සැක කරන බව ecast විශේෂ වාර්තාකරු සදහන් කළා.

සිද්ධීය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 15ක් වන අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත පලමුව මුදා හැරිමට අධිකරණය කටයුතු කරනු ලැබුවා.

කොළඹ Shangri-La හෝටලයේ CCTV සහ පැමිණිමේ ලේඛන වාර්තා සම්බන්ධයෙන් සිදුකල පොලිස් විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ ආරාධිතයන් හෝටලයට ඇතුළුවීමේදී ඔවුන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක සටහන් කරගෙන නැති බවයි. ඒ අනුව කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ පැවැති සාදය සදහා සaජු ප්‍රවේශයක් ඇති බවට සැක පහල වි තිබේ.

ඒ අනුව සාදය පැවැත්වෙන කාමරයට අදාළ වාහන නතර කරන ස්ථානයේ සෝපානය මගින් කෙළින්ම කාමරයට යෑමේ ඇති හැකියාව එම ආරාධිතයන් භාවිතා කර ඇති බව පොලිස් සැකයට භාජනය වි තිබේ.

මේ අතර අන්තරාදායක ලෙස රිය පදවා පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෝටර් වාහන පනත ප‍්‍රකාරව වරදක් කල රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියැදුරා අද උදැසන අත් අඩංගුවට ගත් අතර අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කර සිටියා.