counter hit xanga
October 18, 2021

රුපියල් බිලියන 5ක් ඉතුරු කල හැටි!

CEB lankaecast 1

Last Updated on May 29, 2021 by Panduka Herath

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය කළ බව වන ව්‍යාජ පුවතක් මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇති බවත් එය රටේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳ සත්‍ය තත්ත්වය වසන් කිරීමට ගත් උත්සාහයක බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

පසුගිය දින කිහිපයේදී අධික වර්ෂාවක් ලැබීමත් සමග ජල විදුලිය මගින් විදුලි ඒකක මිලියන 200 ක් නිෂ්පාදනය කර ගැනීමට හැකිවූ බවත් නිරිතදිග මෝසම් සක්‍රියවීමත් සමග තම්බපවනී සුළං බලාගාරය උපරිමයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඒකක මිලියන 2ක පමණ ප්‍රමාණයක් දැනට ලැබෙමින් පවතින බවද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

මෙවැනි ඒකක සංඛ්‍යාවක් ඩීසල් මඟින් උත්පාදනය කර ගැනුණේ නම් එක් ඒකකයක් සඳහා රු. 30.00 ක් වැය වැය වන නමුත් ජලය මගින් එක් ඒකකයක් නිපදවීම සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 2ක් බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව අනුමාන වශයෙන් රු 25.00 බැගින් මුදල් ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට හැකි වූ බවත් එය රුපියල් බිලියන 5ක් හෙවත් රු කෝටි 500 ක් පමණ වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

එසේම රටේ වත්මන් කොවිඩ් වංසගත තත්ත්වය හා රවේ සංචරණ සීමා නිසා විදුලි ඉල්ලුම තරමක් අඩුවී ඇති බවත් එය සාමාන්‍ය දෛනික පරිභෝජනයෙන් තුනෙක් එකක පමණ අඩුවීමක් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

සියලු තත්ත්වයන් හමුවේ පුනර්ජනනීය බලශක්තිය ඉතා සුබදායී මේටමකින් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දේ.