counter hit xanga
October 21, 2021

මාස 4ක් තුල කෝටි 21ක් රටට ඉතුරු කල හැටි

Last Updated on May 14, 2021 by Panduka Herath

රියදුරු බලපත‍්‍ර මුද්‍රණය Driving Licence යුද හමුදාවට ලබාදීම හේතුවෙන් මාස 4ක් තුල රුපියල් කෝටි 21ක මුදලක් ඉතිරි කිරිමට රජයට හැකියාව ලැබී තිබේ.

2021 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අපේ‍්‍රල් 15 වැනිදා දක්වා යුද හමුදාව විසින් රියැදුරු බලපත‍්‍ර දෙලක්ෂ දහනව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇති අතර ඒ අනුව ගතවූ කාලයේ පමණක් රුපියල් විසිඑක් කෝටි අනූලක්ෂ අසූදෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි කර දි තිබේ.

රියැදුරු බලපත‍්‍රයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමටත් යුද්ධ හමුදාව කටයුතු කරමින් සිටින අතර ඒ අනුව වර්තමානයේ භාවිතයට ගැනෙන ‘චිපයක්’ සහිත රියැදුරු බලපත‍්‍රය වෙනුවට කේතයක් සහිත රියැදුරු බලපත‍්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය. රියැදුරු බලපත‍්‍ර ආශ‍්‍රිතව සිදුකරනු ලබන අක‍්‍රමිකතා රැසක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත.

මේ වන විට රියැදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප‍්‍රිකානු සමාගමක් මගින් සංවර්ධනය කළ මෘදුකාංගයක් වන අතර ඊට වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීමට ද සිදුවිම හේතුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මේ සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරිමටද කටයුතු කරමින් සිටි. Army Information Technology Solutions Center – AITSC හෙවත් යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටියි.

2020 ජුලි මස 01 වැනිදා ගන්නා ලද කැබිනට් තීරණයට අනුව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ‍්‍රී ලංකා රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය 2021 ජනවාරි මස 1 වැනිදා සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත පවරා දෙනු ලැබිණි.