counter hit xanga
October 26, 2021

මඩ මිස වැඩ නැති විපක්ෂයේ කුහකයෝ! Video

Last Updated on June 9, 2021 by Panduka Herath

මෙවන් පිළිකුල් ආකල්ප ඇති කුහක මිනිසුන්,මාධ්‍යවේදීන් ලොකයේ කිසිම රටක සිටි යැයි තමන් විශ්වාසය නොකරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (08) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ තමන්ගේ රට ගැන ලැජ්ජාවට පත්වන බවයි.

පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය පිරිසක් තමා ආපසු හරවා යැවූ බවට කියූ කතාව බොරුවක් බවත් ඊට අමතරව තමන්ගේ පුතාගේ විවාහ උත්සවය සංචරණ සීමා කාලය තුල Shangri-La හොටලයේ පැවැත්වු බවටත්,ඒ සදහා චන්දීමාල් ජයසිංහ සහභාගි වු බවටත් කරන ප්‍රකාශ සියල්ලම අසත්‍ය බව අමාත්‍යවරයා කියා සිටියා.

මිට අතරව වෛද්‍යවරයෙකු වන තමන්ගේ පුතා පියුමි හංසමාලීට ඇදුම් රැගෙන ගිය බවට කල ප්‍රකාශයද අසත්‍ය බව සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කරසිටියා.