Last Updated on June 5, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව කණගාටු වන බවත් නෞකාව අයත් X-Press Feeders සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Shmuel Yoskovitz (ෂුමෙල් යොස්කොවිට්ස්) මහතා පවසයි. CNA හෙවත් Channel News Asia සමග සජීව සංවාදයකට එක්වෙමින් ඔහු සදහන් කරන්නේ ජනතාවගේ ජීවනෝපායන්ට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි.
එම සංවාදයේදි Shmuel Yoskovitz අවධාරණය කර සිටියේ මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් ඇතැයි හඳුනාගෙන නොමැති බවය.එය තමන් තහවුරු කරගත් බවත් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවේ ද යන්න පිළිබඳව මුදා ගැනීමේ කණ්ඩායම් සෙවිල්ලෙන් පසුවන බව ද සදහන් කර තිබේ.
“මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවනෝපායට හා පරිසරයට සිදුවී ඇති හානිය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගෙන් මාගේ කනගාටුව හා සමාව අයැදීමට කැමැත්තෙමි,”
“නෞකාවේ පසුපස කොටස මේ වන විට මුහුදේ ගිලී ඇති බවත් මේ වන විට මීට 21 පමණ ගැඹුරු මුහුදේ පත්ලේ ගැටී ඇති බවත් ය. නෞකාවේ ඉදිරි පස කොටස සෙමින් ගිලෙමින් පවතිනවා.”
“සැබෑ තත්ත්වය තක්සේරු කිරීම සඳහා, නෞකාව සම්පූර්ණනයෙන් ගිලී, මුහුදු පත්ලේ ගැටෙන තෙක් අපිට බලා ගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ඇත්ත වශයෙන් ම අපිට කළ හැකි දේ බලන්න වෙන්නේ,”
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?