counter hit xanga
October 26, 2021

වසංගතය පාලනය කිරීමට පොදු ප්‍රතිපත්ති මාලාවක්!

Last Updated on May 30, 2021 by Panduka Herath

Covid-19 වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී දැන් සැකසිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටි. රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලය මූලික වී සකසන මෙම කෙටුම්පත සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් යෝජනාද ලබා ගතයුතු බවයි.

“I urge the Cabinet to prepare a draft law to control the pandemic and to sustain the country and the economy. Let us all work together to formulate a common policy. Then the noble goal of protecting Mother Sri Lanka will be fulfilled.”

වෛද්‍ය ක්ෂේත්‍රයේ අය මෙන්ම, ව්‍යාපාරිකයන් ඇතුළු විද්වතුන් සමඟත් මේ ගැන සාකච්ඡා කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දි තිබේ.

“සියළු දෙනා එකතුව සාකච්ඡා කිරීමෙන් පසු මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය හැකි වෙනවා. වසංගත පාලනයට අවශ්‍ය නීතිත් මේ යටතේ සම්මත කරගත හැකියි. නමුත් අද වන තෙක් අපි වසංගතය පාලනය වෙනුවෙන් කිසිදු නීතියක් සම්මත කර නැහැ. ලෝකයේ අනෙක් රටවල් අවශ්‍ය නීති සම්පාදනය කරලා ඒවා ක්‍රියාත්මක කරමින් සිටිනවා.”

“වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනා එක්ව පොදු ප්‍රතිපත්තියක් සකස් කරමු. එවිට ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කිරීමේ උදාර අරමුණ ඉටු වේවි.”

“තවදුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යාම භයානයකයි.එතනට ගමන් කිරීම තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීම ඇරඹෙනවා. එය “The Health Sector has Reached its Tipping Point” ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මොවුන් ආරක්ෂා කරගත හැකි එකම මාර්ගය හැමෝම පිළිගන්නා වෙනස් නොවන පොදු ප්‍රතිපත්ති මාලාවක් සැකසීමයි. එවැනි පොදු සැලසුමකින් පමණයි අපට මේ තත්ත්වය නවතා ගත හැකි වන්නේ.”

“ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් එන්නත දෙන්න අවසරය දී තිබෙනවා. අපත් අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් දෙනවා නම් ලංකාවට අවශ්‍ය එන්නත් සංඛ්‍යාව කෝටි තුනේ සිට තුනහමාර දක්වා වැඩි වෙනවා. එතනට අප යා යුතුයි.”

“එන්නත් අතිරික්තයක් තිබුණු රටවල් එම අතිරික්ත තොග ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයට දෙන්න තීන්දු කර තිබෙනවා. අවුරුදු 12 ට වැඩි දරුවන්ටත් දෙන්න අවසරය ලද නිසා ඔවුන් කොවැක්ස් ආයතනයට දෙන එන්නත් සංඛ්‍යාව තවත් අඩුවේවි. එවැනි තත්ත්වයක් යටතේ අප රටේ සමස්ත පුරවැසියන්ට එන්නත් දී අවසන් කිරීමට ලබන වසර අග පමණ වෙතැයි පුරෝකතනය කර තිබෙනවා.”

කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරයාම ආරම්භ වූ දින සිට සමස්ත ජනතාව වෙනුවෙන්ම කැපවී කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන්, පර්යේෂකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කනිෂ්ඨ කාර්යමණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ග්‍රාම නිලධාරීන්ට වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය ආරම්භයේදිම සිය ස්තූතිය පලකර තිබේ.