counter hit xanga
June 26, 2022

බදුයුදීන්ගේ කේරල ගනුදෙනුත් එළියට! රාජිත කිඹුල් කදුළු හලයි!

Last Updated on April 30, 2021 by Panduka Herath

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන සිටින රිෂාඩ් බදුයුදීන් කේරලයෙ අන්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව කේරළ පොලිසිය සහ බුද්ධි කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව The New Indian Express පුවත් පත අනාවරණය කර තිබේ.

2009 වසරේදි කේරළයේ Kasaragod ප්‍රදේශයේ සංචාරය කර ඇති රීෂාඩ් එහිදි ආගමික නායකයන් සමග සබඳතාවයන් පවත්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි නෑ. පසුව 2013 වසරේදි රීෂාඩ් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටියදී චෙන්නායි හි ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ කේරළයේ Kasaragod ප්‍රදේශයේද සංචාරයක නිරත වි ඇති අතර රීෂාඩ්ගේ පියාද කසරාගොඩ පද්නා (Padna)හී පදිංචිකරුවෙකු වේ.

රීෂාඩ්ගේ පියාද එම ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේන අතර බුද්ධි කාර්යාංශය සහ ජාතික විමර්ශන ඒජන්සිය (එන්.අයි.ඒ) 2019 ජුනි මාසයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමග සබඳතාවයන් පවත්වා තිබේන බව අනාවරණය කරගෙන තිබේ.

IS සංවිධානයට බැඳීම සඳහා 2016 දී සිරියාව බලා පිටත්ව ගිය පද්නා නුවර සිට පැමිණි තරුණ මුස්ලිම් පවුල් 5 ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පරීක්ෂණයක් සහ රීෂාඩ් බදුයුදීන් සමඟ කසරගොඩ් ප්‍රදේශයේ සම්බන්ධතාවය සවිස්තරාත්මකව සොයා බලන බව ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් පවසයි. සිරියාව බලා පිටත්ව ගිය කණ්ඩායමේ කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ ජාතික තව්හීඩ් ජමාත් වෙත ගොස් ඇති අතර එහිදී ඔවුන් සිරියාවට යාමට පෙර ආගමික පුහුණුව ලබා ඇති බවද අනාවරණය වී තිබේ.

කේරළ ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ලොක්නාත් බෙහෙරා අදාළ විමර්ශන සම්බන්ධයෙන් කියා සිටියේ

“Kerala police will be looking into the links of arrested Sri Lankan political leader in Kerala to confirm the reports,” යනුවෙනි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල ලබාදිමේ චෝදනාවක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් මහතා සහඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 24 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව දෙදෙනා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගෙන මේ වනවිට ප්‍රශ්ණ කරමින් සිටි. බදුයුදීන් සහෝදරයන්ගෙන් ජාතික ආරක්ෂාවට වු හානිය පිළිබඳව දැනගත යුතු කරුණු රැසක් තිබේ.එම කරුණු දැනගත යුත්තේ අප්‍රියෙල් 21 ප්‍රහාරයේ තොරතුරු අනාවරණය කර ගැනිම සදහාම පමණක් නොවේ අනාගත ප්‍රහාරයන් වලක්වා ගැනිම සදහාත් ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද දහවල් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා.ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි.

සුදු වෑන්,කිඹුලන් වැනි අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සදහා මේ වනවිට අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දි සිටින රාජිත සේනාරත්න මහතා අල්ලාගෙන සිටි සටන් පාඨයේ සදහන්ව තිබුනේ. “සුළුජාතින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිමු” යනුවෙනි. රීෂඩ් අත් අඩංගුවට ගෙන ඇත්තේ සාක්ෂි මත පදනම්වය. දැන් කෙරෙමින් ඇත්තේ එම සාක්ෂී හරහා විමර්ෂණ සිදු කිරිමය. එය පොතේ ඇති නීතියට අනුව සිදුවෙමින් තිබේ.අනිත් අතට අත් අඩංගුවට ගැනිමට හෝ විමර්ශනය කිරිමට සුළු හෝ මහ යන ජාතියක් අවශ්‍ය නොවන බව රාජිතට කියා දිය යුතු නොවේද.

එදා අප්‍රියෙල් 21 පල්ලියට ආ මිනිසුන් මේ රටේ කොටසක් ඉල්ලා සිටියේ නැත.ඇමතිකම් ඉල්ලා සිටියේ නැත.දේශපාලනය කිරිමට නිදහස් ඉල්ලා සිටියේ නැත. ඔහුන් පල්ලියට ආවේ තමන්ගේ අපේක්ෂාවන් ඉටු කිරිමටය.නමුත් ඔහුන් ඝාතනයට ලක්විය. දැන් වසර දෙකක් ගතවි තිබේ. පරික්ෂණ උපරිමයට යමින් තිබේ. වැරදිකරුවන් එකා දෙන්නා හසුවෙමින් තිබේ. ඔහුන් ඇත්තටම වැරදිකරුවන් බව හරින්,සජිත් රාජිත දගලන තරම අනුව තෙරුම් ගැනිමද අපහසු නැත.