Last Updated on June 26, 2021 by Panduka Herath
නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමුවු අත්පා ගැටගසන ලද පුද්ගල සිරුර කාගේද යන්න පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි කට්ටඬියකු වන බවත් ඔහු හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ (54)වයසැති අයෙකු බවද පොලිසිය පවසයි.
මලසිරුර හමුවන අවස්ථාවේ ඔවුගේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබෙන බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබුනා.
ඉකුත් 23 වනදා පුද්ගලයෙකුව පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර එහි වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ යකඩ දම්වැලකින් අත් ගැටගසා අගුල් දමා ඔහුව යම් කණ්ඩායමක් විසින් රැගෙන ගොස් තිබූ බවය. ඒ හංවැල්ල ප්‍රදේශයේ ඔහු රැඳී සිටි තාවකාලික නවැතැන් ස්ථානයේදීය.
මෙම කට්ටඬියා දැනට වසරකට පමණ පෙර සිය අනියම් බිරිද සමග රණාල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී ඇති අතර ඉකුත් (23 ) වැනි දින රාත්‍රි 10.00 ට පමණ කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබේ. හංවැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
http://buystromectolon.com/ – ivermectin tablets for sale
Prix Levitra 10mg Pour