Last Updated on February 5, 2023 by Desman Chathuranga
පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ වැටුප මාස දෙකකට නතර කර එම වියදමින් හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධා ක්‍රිෂ්ණන් අවධාරණය කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිසම වෙත රජයේ මුදල් ප්‍රතිපාදන ලබාදිම ප්‍රමාද කිරිම තුලින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්විමට පියවර ගනිමින් සිටින බවට පෙනි යන බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධා ක්‍රිෂ්ණන් පැවසිය.
නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන වලට කදුකරට ජනතා පෙරමුණෙන් තරග වදින අපෙක්ෂකයන් එම පක්ෂයේ සමාජිකයන්ට හදුන්වා දිම සදහා (05) දින පස්වරුවේ තලවකැලේ නගරයේ පැවති රැස්විමකින් අනතුරුව වි.රාධා ක්‍රිෂ්ණන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයක් රටේ ජනතාව ඉල්ලන බවත්, එම මැතිවරණ පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 225 දෙනාගේ වැටුප සහ දිමනා මාස දෙකකට අත්හිටුවා එම මුදල් වලින් මැතිවරණ පවත්වන ලෙසයි වි.රාධා ක්‍රිෂ්ණන් ඉල්ලා සිටින්නේ.
රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබියදි නිදහස් දින උත්සවයට විශාල මුදලක් වැය කර ඇති බවත්, 75 වෙනි ජාතික නිදහස් දින උත්සවය මිට වඩා වියදම් අවම කර පැවැත්විමට කටයුතු කල යුතුව තිබු බවද වි.රාධා ක්‍රිෂ්ණන් පැවසිය.
තවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල , විදුලි බිල සහ ගැස් මිල තවදුරටත් ඉහල ගොස් ඇති බවත්, එවන් තත්ත්වයක් මත වතුකරයේ ජනතාව වෙනත් වසර වල මෙන් 75 වෙනි ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් නිවස ඉදිරිපිට ජාතික කොඩියක් ප්‍රදර්ශනය නොකල බවත්, ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් කොවිල් වල ආශිර්වාද පුජාවන්ද නොපැවැත්වු බවයි.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?