counter hit xanga
October 22, 2021

රට හොල්ලන්න හැදු මොකක්ද මේ වොෂින්ටන් වාර්තාව!

Last Updated on May 11, 2021 by Panduka Herath

COVID-19 වසංගතය සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබු විශේෂ ප්‍රක්ෂේපන Projections වාර්තාව හරහා පෙන්ව දෙන්නේ නව හා වේගයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් නිවැරදිව සොයා ගැනීම කොතරම් දුෂ්කර ද යන්න බව මතබේදයකට තුඩුදි තිබේන IHME වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ Christopher Murray (ක්‍රිස්ටෝපර් මරේ) පෙන්වා දෙනවා.

වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ Institute for Health Metrics and Evaluation (IHME) නව විශ්ලේෂණයක් හරහා පසුගියදා පෙන්වා දි තිබුනේ පවතින කොවිඞ් තත්ත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රි ලංකාවේ කොවිඞ් මරණ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා යා හැකි බවයි.

අදාල ප්‍රක්ෂේපන වාර්තාව පදනම් කර ගනිමින් විවිධ දේශපාලඥයන් සහ සෞඛ්‍ය යන නාමය භාවිතා කරන විවිධ සංවිධාන රටතුල අනිසි භියක් ඇතී කිරිමට කටයුතු කරමින් සිටින අතර අදාළ හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම විශ්වවිද්‍යාලය වෙත ලිපියක් යොමු කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA කටයුතු කර තිබුනා.

අදාළ ඇගයීම් ආයතන අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ තමන් ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ වසංගතය තුළ සිදු වූ සියලුම මරණ සංඛ්‍යාව සමඟ සන්සදනය කිරිම හරහා බවයි.

අදාල ප්‍රක්ෂේපනයට අනුව ලොව පුරා මිලියන 6.9 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව දැක්වුවද නිල වශයෙන් වාර්තා වූ සංඛ්‍යාව අද වනවිට මිලියන 3.3ක්. එක්සත් ජනපදයේ, විශ්ලේෂණය ඇස්තමේන්තු කර ඇත්තේ COVID-19 ආශ්‍රිත මරණ 905,000 කට වඩා වැඩි බවයි.නමුත් කොරෝනා වයිරස හේතුවෙන් එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල නිල සංඛ්‍යා ලේඛන අනුව 575,491 ක් වේ.

“අපගේ විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ නව හා වේගයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් නිවැරදිව සොයා ගැනීම කොතරම් දුෂ්කර ද යන්නයි” “ඔබ එතරම් පරීක්‍ෂා නොකළහොත් ඔබට COVID මරණ මග හැරීමට බොහෝ දුරට ඉඩ තිබේ” IHME අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් මරේ සදහන් කර තිබේ.

“Many countries have devoted exceptional effort to measuring the pandemic’s toll, but our analysis shows how difficult it is to accurately track a new and rapidly spreading infectious disease,” “If you don’t test very much, you’re most likely to miss COVID deaths,” – Christopher Murray, director of the Institute for Health Metrics and Evaluation,