counter hit xanga
March 28, 2023

හත් ගොව්වක් දුර IMF ණය මුදල

Last Updated on September 29, 2022 by Desman Chathuranga

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියත් එසේ කාල සීමාවක් ප්‍රකාශයට පත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර අරමුදල උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රි අනාගත සුරක්ෂිතභාවය සඳහා මෙම ණය මුදල අත්‍යවශ්‍ය බවයි. ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡා වල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කොට තිබෙනවා.

ණය සහන සාකච්ඡා ක්‍රියාවලියට කාලයක් ගතවන බැවින් මෙසේ කාලසීමාවක් අනුමානය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බවත් ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුම පාර්ශ්ව කාර්යක්ෂමව, කඩිනමින් කටයුතු කළ යුතු බවත් ජාත්‍යන්තර අරමුදල තවදුරටත් දක්වා තිබෙනවා.