counter hit xanga
March 26, 2023

සාමකාමී විරෝධතා මර්දනය අවසන් කරන්න!

Last Updated on September 7, 2022 by Desman Chathuranga

ලංකාවේ ආරක්ෂක අංශ වහාම ප්‍රතිසංස්කරණයට ලක් විය යුතු බවත් රජය මානවහිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය අද නිවේදනය කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ, නව රජය කඩිනමින් මානව හිමිකම් සහ ප්‍රතිසංධානය පවත්වාගෙන යාම සඳහා ජාතික සංවාදයකට පැමිණිය යුතු බවයි.

ශ්‍රී ලංකාව දේශපාලනමය වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ රට ආයතනික වශයෙන් මෙන්ම ආරක්ෂක අංශ ද වහා ප්‍රතිසංස්කරණ වෙත යොමු විය යුතු බවයි.

ආර්ථික අර්බුදය, සෑම ජන කොටසකම සෑම තරාතිරමකම ජනතාවගේ මානව හිමිකම්වලට දැඩි බලපෑමක් ඇති කර ඇතැයි මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ, දරුණු ආරක්ෂක නීති මත යැපීම මෙන්ම සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහා අවසන් කළ යුතු බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම මෙන්ම මහජන විරෝධතා මර්දනයට රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.