counter hit xanga
March 26, 2023

මෛත්‍රීටත් ආණ්ඩු හදන ගාය හැදෙයි!

Last Updated on September 3, 2022 by Desman Chathuranga

රටේ පවතින තත්ත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා බවයි ඔහු සදහන් කළේ.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමින්, මෛත්‍රීපාල සිරිසේන බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි බවයි පෙන්වා දුන්නේ.

වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමඟ සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේදී අනිවාර්යයෙන් කරන බව කී මෛත්‍රීපාල සිරිසේන, කලකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කරගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

‘අපේ කමට පණ දෙමු – අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උර දෙමු’ යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සර සැමරුම සංවිධානය කර තිබිණි.