Last Updated on April 29, 2021 by Desman Chathuranga
COVID-19 වයිරස තත්වය යලිත් ශ්‍රී ලංකාව තුල හිස එසවීමත් සමගම මෙම තත්වය උපයෝගීකරගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් දක්නට තිබේන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙනවා.
සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින භාණ්ඩ ත්‍යාගයක් ආකාරයෙන් නොමිලේ ලබාදෙනවා යැයි පැවසෙන ව්‍යාජ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර COVID-19 තත්වය යටතේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් එම සංගමය හදුන්වා දි තිබේ.
සමාජ මාධ්‍ය හා ඊමේල් ගිණුම් සදහා සුරක්ෂිත වෙනත් පුද්ගලයන්ට අනුමාන කළනොහැකි මුරපද භාවිතා කිරීම.
අන්තර්ජාල ගිණුම් සදහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කිරීම.
අනාරක්ෂිත වෙබ් අඩවි භාවිතයෙන් වැළකීම සහ අනාරක්ෂිත වෙබ් අඩවි වෙත credit,debit කාඩ් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම.
COVID-19,Free Data,Free Laptop ආදී විවිධ ස්වරූපයෙන් පැමිණෙන කෙටි පණිවිඩ වෙත ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වැළකීම.
More Stories
බෙදුණු ජාතීන් එක්කිරීමට ජනපතිට කාලයයි මේ!
කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරයා මනා රාජ්‍යතාන්ත්‍රිකභාවයකින් කටයුතු කළ යුතුයි – ජෙහාන් පෙරේරා
Unbiased and Unafraid – the untold story of Lasantha Wickrematunge