Last Updated on November 1, 2022 by Lankae Cast
21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමෙන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභාවලට නුසුදුසු පුද්ගලයින් පත්කිරීමෙන් වැළකීමේ අවශ්‍යතාව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය අවධාරණය කර තිබේ.
පොදුජන පෙරමුණේ විරෝධය හමුවේ වරක් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවන තත්වයක්ද පැවති අතර, එය සම්මත කරගැනීමේ අවශ්‍යතාව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය දිගින් දිගටම අවධාරණය කළේය.
මන්ත්‍රීවරුන් 174 දෙනෙකුගේ ඡන්දයෙන් එය සම්මත වීමෙන් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරියගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරන එම ව්‍යාපාරය අවධාරණය කරන්නේ, සමාජයේ ගෞරවයට ලක්වූ කීර්තිමත් සහ අපක්ෂපාතී පුද්ගලයන් ස්වාධීන තනතුරුවලට පත් කළ යුතු බවය.
ඒ සඳහා මුලින්ම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පත්කරගත යුතු අතර, සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනෙකු ද එයට ඇතුළත් වේ.
නව සංශෝධනය ප්‍රකාර අගමැතිවරයාගේ සහ විපක්‍ෂනායකවරයාගේ එකඟත්වයෙන් පත්කරනු ලබන ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියේ කිසිදු නමක් ඉදිරිපත් වී නැතත්, මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා එල්ල වී තිබෙන කාන්තාවක ද පත්කිරීමට “සිවිල් සමාජයේ” පිරිසක් උත්සහ දරමින් සිටින බව ලංකාඊකාස්ට් වෙත වාර්තා වේ.
කෙසේ වුවත් එම උත්සහය ගැන ප්‍රබල විරෝධයක් මතුවෙමින් තිබෙන බව ද අනාවරණය වේ.
සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
21 න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුමය.
සාමාජිකයන් පත්කිරීමේදී නුසුදුසු පුද්ගලයන් ඇතුළත් නොකළ යුතුය.
පසුගියදා සම්මත කරගත් 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත්කිරීමේදී සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂයන් මෙන්ම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කලයුතුව තිබේ.
එමෙන්ම පසුගිය කාලයේ බලාත්මකව පැවැති ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කළ සාමාජිකයන් අතර සිටි එවැනි සුදුසුකම් සහිත දක්‍ෂ පුද්ගලයන් යළි පත්කරගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුකරන ප්‍රමාණයටම දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරිත්වයන්හි නිරත වූ බවට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ පුද්ගලයන් නැවත එවැනි තනතුරුවලට පත්කිරීමට කටයුතු නොකල යුතු බව ද අප අවධාරණය කරන්නෙමු.
පසුගිය කාලය තුළද මේ පිළිබඳව වන අපගේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් ලෙස අතීතයේදී පත්කරන ලද සියළුම සාමාජිකයන් ඉවත් කල යුතුව ඇතයි එහිදී අප කිසිවිටෙකත් ප්‍රකාශ කර නැත. ඒ අනුව එම කොමිෂන් සභාවන්හි සාමාජිකයන් ලෙස ද කටයුතු කර තිබෙන දක්‍ෂ, කීර්තිමත් හා අපක්‍ෂපාතී පුද්ගලයන් නැවතත් පත්කර ගැනීම සුදුසු බව අප ද විශ්වාස කරන අතරතුර පසුගිය කාලයේ බරපතළ චෝදනා එල්ල වූ කිසිවෙකුට හෝ එම අවස්ථාව හිමිවිය යුතු නැතයි ද එහිදී අපි අවධාරණය කරන්නෙමු.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම ස්වාධීන කොමිෂන් සභාවක් සදහාම සාමාජිකයන් පත්කර ගතයුතුව ඇත්තේ එක් එක් දේශපාලන පක්‍ෂවල හෝ බලවතුන්ගේ අපේක්ෂා හා සිතැඟියාවන් අනුව නොව රටේ ඉදිරි යහපැවැත්ම උදෙසා සිය උපරිම කාර්‍ය්භාරය මනා ලෙස හැසිරවිය හැකි පුද්ගලයන් කෙරෙහි සැලකිලිමත් වෙමිනි. එහිදී තරුණ හා කාන්තා නියෝජනයක් අන්තර්ගත වීම ද අතිශයින්ම වැදගත්ය.
එය මේ රටේ දැනුම්වත් හා යුක්තිගරුක පුරවැසියන්ගේ මෙන්ම අනෙකුත් සිවිල් සමාජ ව්‍යාපාරයහී ද ස්ථාවරය වන බව රටේ වගකිවයුත්තන් මැනවින් අවබෝධ කරගැනීම වැදගත්ය .
කරු ජයසූරිය, සභාපති, සාධරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?