counter hit xanga
March 26, 2023

ධිවරයන්ට පහරදුන් කතාව බොරු!

“ඉන්දීය නාවික හමුදාව ඉතා විනයගරුක හා වෘත්තීය බලවේගයක් වන අතර එය සිය වගකීම් පැහැර හැරිය නොහැකි ලෙස ඉටු කරයි” යනුවෙන් එය නිවේදනයේ සදහන් කර තිබේ.

Last Updated on June 21, 2021 by Desman Chathuranga

ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් ඉලක්ක කර ගෙන ඉන්දීය නාවික හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ඉන්දියාව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඉන්දීය නාවික හමුදාව ජූනි 17දා ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බවද එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රි ලංකා ධීවරයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමන් මැයි 7 වන දින Thushan 1 සහ Thushan II යන ධිවර නෞකාවලින් මුහුදට ගොඩ වූ බවත්, ජුනි 4 වනදා ඩියාගෝ ගාර්ෂියා අවට ජාත්‍යන්තර මුහුදේ දී ඉන්දීය නාවික හමුදාව විසින් කායික පහරදීම් සිදු කළ බවත් මාධ්‍යයට අනාවරණය කර සිටියා.

“අපි ධීවරයින් පමණක් බව පැවසීමෙන් පසුවත් ඔවුන් අපෙන් මත්ද්‍රව්‍ය ඉල්ලා සිටියා” යැයි ධීවරයන් දෙදෙනෙක් මාධ්‍යයයට සදහන් කර තිබුනා.

“ඉන්දීය නාවික හමුදාව ඉතා විනයගරුක හා වෘත්තීය බලවේගයක් වන අතර එය සිය වගකීම් පැහැර හැරිය නොහැකි ලෙස ඉටු කරයි” යනුවෙන් එය නිවේදනයේ සදහන් කර තිබේ.

“The Indian Navy is a highly disciplined and professional force which discharges its responsibilities in an impeccable manner,”

ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිර්දෝශී අයුරින් ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් බවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියලු ධීවර ගැටලු, ස්ථාපනය කර ඇති ද්විපාර්ශ්වීය යන්ත්‍රණයන් සහ අවබෝධතාවන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බවද එම මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.