Last Updated on September 16, 2022 by Desman Chathuranga
මෙම වසරේදී ලබා දී ඇති අමෙරිකානු ඩොලර් බිලියන 04කට ආසන්න මූල්‍යාධාරවලට අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍යාධාර ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික ණය ගිවිසුමකට එළඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමත් සමග ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවය.
දශක 07කට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කරන ශ්‍රී ලංකාවට මෙම වසරේ වැඩි වශයෙන් ආධාර ලබා දුන් රට බවට ඉන්දියාව පත් වුවද දැන් තත්වය මැයි සහ ජූලි මාසවල පැවති තත්වයට වඩා යහපත් බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.
“අපි දැනටමත් අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් වටිනා ආධාර ලබා දීලා තියෙන්නේ. දැන් ඒ හැමදේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තියෙන්නේ. ආධාර දීම රටවල්වලට දිගට ම කරන්න බැහැ,” යනුවෙන් ඉන්දීය රජයේ ආරංචි මාර්ගයක් රොයිටර්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
India does not plan to provide fresh financial support to Sri Lanka on top of the nearly $4 billion it has extended this year, two sources told Reuters, as the island’s battered economy starts to stabilise after a preliminary loan agreement with the IMF.
India has been the biggest provider of aid this year to its southern neighbour, which is fighting its worst economic crisis in more than seven decades and struggling to pay for imports, although the situation now is less severe than it was between May and July.- Reuters
කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඩොලර් බිලියනයක හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා සහ මැයි මාසයේදී සිදු කරන ලද ඉන්ධන මිල දී ගැනීම සඳහා දෙවන ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක් සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බවය.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැප්තැම්බර් මස මුලදී ඩොලර් බිලියන 2.9ක ණයක් ලබා ගැනීම සඳහා මූලික ගිවිසුමකට එළැඹි අතර එය නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සහ පුද්ගලික ණය හිමියන් සමග සිදු කෙරෙන සාකච්ඡා මත රඳා පවතී.
මිලියන 22 ක ජනතාවක් සිටින රට, එහි විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහත වැටීමෙන් පසු මාස ගණනාවක් තිස්සේ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට පොරබදමින්, ආනයනය නතර කර පෙර නොවූ විරූ මහජන නොසන්සුන්තාවක් ඇති කරමින් තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?