Last Updated on October 7, 2022 by Desman Chathuranga
උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සදහන් කරනවා.සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළා ට වඩා ඉහළ ගිය බවයි ඔහු සදහන් කළේ.උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් සියල්ල ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි ද අධිපතිවරයා සදහන් කර සිටියා.
සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 67.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් කෙසේ නමුත් උද්ධමනය ගණනය කළ පසු 69.8ක් වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇතැයි ද ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇති බවයි ඔහුගේ අදහස වි ඇත්තේ.
ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන නමුත් ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යෑම නිසා නොව උද්ධමනය ඉහළ යෑම නිසා බවයි ඔහු පෙන්වා දුන්නේ.
උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයි ද මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නා.
පොලී අනුපාත ඉහළයක පවත්වාගෙන යන්නේ උද්ධමනය පාලනය කරගනිමින් අඩු කරගැනීමට බව සදහන් කල ඔහු නැවත වරක් පොලී අනුපාත අඩු කළහොත් නැවත වරක් ඒ සමාන ප්‍රතිඵල, ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙන්වා දුන්නා.
සියලු දේ පවත්වාගෙන යා හැක්කේ පොලී අනුපාත ඉහළ අගයක පවත්වා ගැනීමෙන් පමණක් බව කී අධිපතිවරයා උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් සියල්ල ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි ද අධිපතිවරයා පැවැසීය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?