Last Updated on June 25, 2021 by Panduka Herath
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්රියාත්මක වෙන බව වාර්තා වේ.මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට පමණක් ජනාධිපති සමාව හිමි වීම මෙම විරෝධයට හේතු වි තිබේ.
තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටීන බවයි බන්ධනාගාර ආරංචී මාර්ග සදහන් කළේ.
මහර බන්ධනාගාරයේ සිටින මරණ දඬුවම නියම වූ රැඳවූවන් 70 දෙනකු පමණ ඊයේ (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග රැඳවියන් පිරිසක් විරෝධතාවයේ නිරත වී සිටියා.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!