Last Updated on April 28, 2021 by Desman Chathuranga
හිටපු ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේ දී නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න හට පෑලියගොඩ පොලිස් ස්ථානයේ දී අමානුෂික ලෙස පහරදීමක් සිදුව තිබූ අතර එහිදී තුවාල ලැබූ ඔහුව රාගම රෝහලට ඇතුළත් කර තිබු අතර එම සිද්ධියට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු වැඩ තහනමට ලක් කෙරුණු අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ද ක්‍රියාත්මක විය.
පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් උපදෙස් ලබා දී තිබු අතර මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී අදාළ ස්ථානාධිපතිවරයා මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවා තිබේ.
ivermectin 8 mg buy ivermectin online
https://withoutprescription.store/# buy anti biotics without prescription
https://diflucan.icu/# where can i get diflucan over the counter