Last Updated on September 5, 2022 by Desman Chathuranga
ඉන්දීය ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතික රිෂී සුනාක් පරදා මහා බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී මේරි එලිසබෙත් ලිස් ට‍්‍රස්(Liz Truss) දිනා ගත්තා.
ඒ අනුව ටෝරි සාමාජිකයන් බහුතරයකගේ ඡන්දය ලබා ගනිමින් 47 හැවිරිදි ලිස් ට‍්‍රස් ට අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඇයට පක්ෂ නායකත්වය හිමිවීමෙන් අනතුරුවය.ඒ අනුව, ලිස් ට‍්‍රස් තරේසා මේ සහ මාග‍්‍රට් තැචර්ගෙන් පසු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව බවට බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්වනු ඇති.
කොන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැතියේ ලිස් ට‍්‍රස් සහ දි රිෂී සුනාක් අතර වන අතර රිෂී සුනාක් බි‍්‍රතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා වන අතර රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. ඔහුට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ නම්, එම ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයා විමේ අවස්ථාව හිමිව තිබුනා.
සතියක් ඇතුලත විසඳුම් රැසක්!
ඇය ආර්ථික ප්‍රශ්න කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අතර සගයන් පවසන්නේ ඇයගේ අභිලාෂයන් සහ ප්‍රතිරූපය සැබවින්ම ඉහළ ගියේ භාණ්ඩාගාරයේදී බවයි.අගමැතිනිය ලෙස, ඇය බලයට පත් වී සතියක් තුල ජීවන වියදම් මිරිකීම විසඳීමට රැඩිකල් පියවර ගැනීමට පොරොන්දු වී තිබිමද විශේෂත්වයක්.
“Instagram හි රැජින” “queen of Instagram” ලෙස ඇයගේ තත්ත්වය කැබිනට් මණ්ඩලය තුළ ඇයගේ පැතිකඩ ඉහළ නංවා ඇති බවත් “ඇයට හිමිකර ගැනීමට සහ සමාජ මාධ්‍යවල ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වූ ප්‍රතිපත්ති සඳහා ඇයට ඉතා තියුණු දේශපාලන ඇසක් තිබූ බව ඉතා පැහැදිලි බවයි ඇයගේ සමිපතමයන්ගේ අදහස වි ඇත්තේ.



කවුද මේ ලිස් ට‍්‍රස් Liz Truss
මේරි එලිසබෙත් ට්‍රස් 1975 ඔක්ස්ෆර්ඩ් හි වාමාංශික දෙමාපියන්ට දාව සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් වැඩිමලා වූවාය. ඇයට වයස අවුරුදු හතරේදී, පවුල ග්ලාස්ගෝ අසල පෙයිස්ලි වෙත පදිංචියට ගිය අතර ඇගේ පියා ජෝන් ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු වේ.
හෙදියක් වන ඇගේ මව Priscilla න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා වූ ව්‍යාපාරයේ සාමාජිකාවක් වූ අතර “බෝම්බ තහනම්” “ban the bomb” නම් වු පාගමනට තරුණ ලිස් රැගෙන ගිය අතර එහිදී ඇය මාග්‍රට් තැචර් විරෝධී සටන් පාඨ කියමින් අරගල කර තිබේ.
පසුව ට්‍රස් ලීඩ්ස් හි ධනවත් රවුන්ඩේ ප්‍රදේශයේ පදිංචි වූ අතර, එහිදී ඇය රවුන්ඩේ පාසලට ඇතුළත් කර තිබේ.එම වකවානුවේ පාසල සෑම වසරකම සිසුන් කුඩා සංඛ්‍යාවක් ඔක්ස්බ්‍රිජ් වෙත යැවූ අතර ඇය ඔක්ස්ෆර්ඩ් හි මර්ටන් විද්‍යාලයේ දේශපාලනය, දර්ශනය සහ ආර්ථික විද්‍යාව හැදෑරීමට ස්ථානයක් දිනා ගත්තාය.
ශිෂ්‍යාවක ලෙස දේශපාලනයට ඇදී ගිය ට්‍රස් මහත්මිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සභාපතිනිය වූ අතර රාජාණ්ඩුව අහෝසි කිරීමට ප්‍රචාරක කටයුතු කළාය.1996 දී ඇය උපාධිය ලබා ගන්නා අතර 2001 සහ 2005 දී බටහිර යෝක්ෂයර් හි ආසන දෙකකට තරඟ කිරීමෙන් අසාර්ථක වූ පසු, ඇය ඩේවිඩ් කැමරන්ගේ “ඒ ලැයිස්තුව” මගින් තෝරාගෙන 2009 දී සවුත්වෙස්ට් නොර්ෆොක් හි ආරක්ෂිත ආසනය සඳහා තෝරා ගන්නා ලදී. ඒ වන විට ඇය ගණකාධිකාරීවරයෙකු වූ හියු ඕලියරි සමඟ විවාහ වී සිටි අතර තරුණ දියණියන් දෙදෙනෙකුගේ මවක ලෙසද කටයුතු කරමින් සිටියා.
ට්‍රස් කනිෂ්ඨ අධ්‍යාපන ඇමතිවරියක ලෙස 2012 දී අමාත්‍ය ගමන ආරම්භ කල අතර ළමා රැකවරණය සඳහා මතභේදාත්මක ප්‍රතිසංස්කරණ කිහිපයක් ගෙන ඒමට ඇය උත්සාහ කළාය.
විදේශ ලේකම්වරිය ලෙස ඇය රුසියාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, චීනයෙන් එල්ල වන තර්ජනය පිළිබඳව අනතුරු ඇඟවීම් කර තිබේ. ඉරානයේ රඳවා සිටි බ්‍රිතාන්‍යයන් නිදහස් කර ගැනීමට බරපතල ලෙස මැදිහත් විම් කර තිබේ.



More Stories
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ
විදුලි මාෆියාව චම්පික රණවක ඇමතිකමෙන් ඉවත්කළ හැටි