Last Updated on May 11, 2021 by Panduka Herath
බ්‍රිතාන්‍ය කොරෝනා වයිරස ප්‍රභේදය ( B.117 ) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා බුද්ධි අංශ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව බුද්ධී නිළධාරින් දෙසීයකට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන අරඹා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
එම බුද්ධි අංශ කණ්ඩායම් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් රැසක් දැනටමත් සොයාගෙන නිරෝධායනයට යොමු කිරිමටද කටයුතු කර තිබේ.
බ්‍රිතාන්‍ය කොරෝනා වයිරස ප්‍රභේදය වූ B117 සහිත ආසාදිතයෝ දිවයිනේ දිස්ත්‍රික්ක හයකින් සොයා ගැනිමට හැකිවු අතර ඊට අදාළව බුද්ධී අංශ මෙහෙයුම් දියත් කර තිබේන බවයි වාර්තා වන්නේ.
More Stories
මාස 6න් රට ගොඩදාන්න අනුර සුදානම්! යාපනයේදි කිව්ව කතාව මෙන්න!
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!