counter hit xanga
February 3, 2023

සහතිකය ලැබුනොත්, වසර 4ක් තුල $බිලියන 2.9ක්!

Last Updated on September 1, 2022 by Desman Chathuranga

ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9 ක මුදල ලබා දීම ආරම්භ වන කාලය කිව නොහැකි බවත් එය තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය මත සහ ණය තිරසරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ණය හිමියන් ලබා දෙන සහතිකය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අවධාරණය කළා.

විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 4ක කාලයක් තුළ කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බවයි ඔහුන් පෙන්වා දුන්නේ.ඒ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු කාර්ය මණ්ඩල ගිවිසුම විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරිමෙන් අනතුරුව ලැබෙන සහතිකය මතයි.

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (01) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව ඇති වී තිබෙන වත්මන් අර්බුදයට ඉක්මණින් සහාය අවශ්‍ය බවත් සහාය ඉක්මණින් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ මානුෂීය අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.

මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනොපායන් ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථිකය නැවත පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ අතර ඒ සදහා රජයේ අදායම ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දිය යුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.එහිදී අදායම් බදු පුද්ගලයාගේ ධනය මත පදනම් විය යුතු බවත් ආයතනික ආදායම් බදු සහ වැට් බදු සඳහා බදු පදනම පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දුන්හ.

ඊට අමතරව දැඩි ප්‍රතිපත්ති මත රජයේ අදායම ඉහළ නංවා ගැනීම, ඉන්ධන සහ විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්ට වැය කරන මුදලට සරිලන මුදලක් අය කර ගැනිම ඇතුලු කරුණු කිහිපයක්ම ඔහුන් එහිදි පෙන්වා දුන්නා.