counter hit xanga
October 26, 2021

Shangri-La ලෙඩක් දා ගනී!

Last Updated on June 1, 2021 by Panduka Herath

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් Shangri-La හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සාදය සඳහා පුද්ගලයන් 25ත් 30ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇති බව දර්ශනවලදී අනාවරණ වී ඇති අතර මේ වන විට සිදුකළ මූලික විමර්ශනවලින් දොළොස් දෙනකු හඳුනාගෙන ඇති බවත් සාදයට සහභාගිවූ ඉතිරි පිරිස හඳුනාගැනීම සඳහා ෂැංගිලා හෝටලයේ CCTV දර්ශන පරික්ෂා කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ ඊයේ (30) රාත්‍රීයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද අත්අඩංගුවට ගත් අතර පසුව දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 02ක් මත කොටුව මහේස්ත්‍රාත් විසින් ඇප ලබාදිමට කටයුතු කළා.