counter hit xanga
June 26, 2022

Julie Chung එන්නේ චීන සබඳතාවයට ගේමක් දෙන්නද?

“Getting voices out from local partners, local NGOs, local journalists, youth groups. That’s where we see the power”.

Last Updated on June 18, 2021 by Panduka Herath

තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයන් සඳහා නාමිකයන් 8 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපති ලෙස ඊයේ (16) පත්කල Julie Chung උග්‍ර චීන විරෝධීයෙකු ලෙස ජාත්‍යන්තරව හදුන්වා දි තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර ඔත්තු සේවා වල අර්ථකථනය වි ඇත්තේ ශ්‍රි ලංකාව සහ චීනය අතර පවතින සබඳතාවයට එරෙහිව ඇමරිකානු ජනාධිපතිවරයා ඇයව පත්කර ඇති බවයි.

ඇය චීන භාෂාවක් වන කැන්ටොනිස් ද, කොරියානු, ජපන්, වියට්නාම, ඛමර් (කාම්බෝජියා භාෂාව), ස්පාඤ්ඤ, තායි භාෂාව ප්‍රගුණ කර තිබිමත් එම භාෂාවන් ඉතාමත් චතුර ලෙස හැසිරිවීමටත් හැකියාව තිබිමත් හේතුවෙන් ශ්‍රී ලංකාව තුලද ඇයගේ පත්විම සම්බන්ධයෙන් කතාබහට ලක්වි තිබේ.

Julie Jiyoon Chung ජ්‍යෙෂ්ඨ විදේශ සේවයේ සහ අමාත්‍ය-උපදේශක පන්තියේ වෘත්තීය සාමාජිකාවක් වන අතර ඇය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධගෝල කටයුතු කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම්වරිය ද වේ. වැඩිදුර කියවිම සදහා –Link

පසුගිය සැප්තැම්බරයේ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ භූමිකාව පිළිබඳ සෙනෙට් නඩු විභාගයක් අමතමින් ඇය චීන “ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය” පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබේ.ඇය එහිදි සදහන් කර ඇත්තේ චීනයේ ආයෝජන පරිසරයට හානියක් වන අතර දේශීය කම්කරු නීති උල්ලංඝනය කරන බවයි. ඒ සම්බන්ධයෙන් ඇය නිරන්තර විවේචනය කර එල්ල කර ඇති අතර ඊට එරෙහි විවිධ උපක්‍රමද යෝජනා කල අයෙකි.

“We see their investment hurting the environment, violating local labour laws. We’ve brought these issues to light with the region and raised it with our government counterparts”.

2020 සැප්තැම්බර් 17 වැනිදා පැවැති Senate Hearing on China’s Role in Indo-Pacific Region අවස්ථාවට එක්වෙමින් Julie Chung කියා සිටියේ

ඔබ දැක ඇති පරිදි, චීනය ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ දුප්පත් ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු භාවිතා කරයි. දේශීයකම්කරු නීතිය උල්ලංඝනය කරමින් පරිසරය රිදවන ඔවුන්ගේ ආයෝජනය අපි දකිමු. අපි මෙම කලාපය සමඟ ආලෝකය විහිදුවන්නෙමු, අපගේ රජයේ රටවල් සමඟ එය මතු කර ඇත්තෙමු. දේශීය හවුල්කරුවන්, දේශීය රාජ්‍ය නොවන සංවිධාන, දේශීය මාධ්‍යවේදීන්, තරුණ කණ්ඩායම් වලින් කට හඬවල් ලබා ගැනීමයි.අපි බලය දකින තැන එයයි.

“AS YOU HAVE SEEN, CHINA USES DEBT DIPLOMACY AND POORER QUALITY INFRASTRUCTURE. WE SEE THEIR INVESTMENT HURTING THE ENVIRONMENT, VIOLATING LOCAL LABOR LAWS. WE’VE BROUGHT THESE ISSUES TO LIGHT WITH THE REGION, RAISED IT WITH OUR GOVERNMENT COUNTERPARTS. ALSO GETTING VOICES OUT FROM LOCAL PARTNERS, LOCAL NGOS, LOCAL JOURNALISTS, YOUTH GROUPS. THAT’S WHERE WE SEE THE POWER.”