counter hit xanga
June 13, 2021

බංග්ලාදේශය මුදල් හුවමාරුවේ නොකියූ කතාව

Is Sri Lanka bankrupt enough to borrow from Bangladesh?

ශ්‍රී ලංකා බංග්ලාදේශයත් සමගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක විදේශ විනිමය හුවමාරුවක් සඳහා වන එකඟතාවකට පිවිසීමේ පුවත පසුගිය දින කිහිපයේදී රට තුළ ඉහළ කතාබහකට ලක්විය. මෙරට තුළ පවතින එක්සත් ජනපද ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මෙම පහසුකම වෙත පිවිස තිබේ.

ශ්‍රි ලංකාව බංග්ලාදේශයෙන් ණය ගැනීමට තරම් බංකොලොත් ද?

අන් රටවලට සාපේක්ශව බංගලාදේශය එක්සත් ජනපදයට වැඩි මුදලක් ණයට දෙනු ලබනවා. ශ්‍රී ලංකාවත් එසේමයි නමුත් ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට හෝ අප ආයෝජනය සඳහා කැඳවන වෙනත් ඕනෑම යුරෝපා සංගම් රටවලට මුදල් අප විසින් දෙනු ලබනවා. අප එය ආයෝජනයක් ලෙස හදුන්වනවා නමුත් අප ඒ ලබාදෙන්නේද ණයක්.

මොනවද මේ මුදල් හුවමරුව (currency swap) කියන්නේ ?

මුදල් හුවමාරුව යනු පාර්ශව දෙකක් එකිනෙකා සමඟ සමාන මුදල් හුවමාරු කර ගන්නා නමුත් විවිධ මුදල් වලින් කරන ගනුදෙනුවකි. පාර්ශවයන් මූලික වශයෙන් එකිනෙකාට ණය ලබා දෙන අතර නියමිත දිනට හා විනිමය අනුපාතයට එම මුදල් ආපසු ගෙවනු ඇත.

බංග්ලාදේශ හා ශ්‍රී ලංකාව අතර සිදුවන ගනුදෙනුව සරලව

බංග්ලාදේශය අපට ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දෙන අතර එය සාමන්‍ය වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 40,000 ක මුදලක්. නමුත් මෙය ගෙවීමේදී අපිට ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න හැකියාව ලැබීම තමයි මෙහි තියන විශේෂත්වය. මෙහි ඇති ප්‍රධාන වාසිය තමයි ශ්‍රී ලංකාවට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 200 මහ බැංකුවේ විදේශ විනිමය සංචිතයක් ලෙස තබා ගැනීමට හැකියාව ලැබීමයි. එමගින් මුදල් විනිමය අනුපාතවල උච්චාවචනයන් හා සම්බන්ධ විය හැකි අවදානම් වළක්වා ගැනීමට හෝ විදේශ මුදල්වලින් ණය සඳහා අඩු පොලී අනුපාත ලබා ගැනීමට හැකි වීම හා එමගින් ස්ථාවර විනිමය අනුපාතයක් තබා ගැනීමට හැකියාව ලැබෙනවා.

සත්‍ය තොරතුරු සොයන්නන්ගේ කියවීම සදහා

ශ්‍රී ලංකාවේ පසුගිය වසර 10 ක රාජ්‍ය ණය පිළිබද විශ්ලේෂණය

2010 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) ඇමරිකානු ඩොලර් බිලියන 56.7 ක්. එය 2014 වර්ෂය වන විට බිලියන 79.4 දක්වා වසර 4ක් ඇතුලත 40% ක පමණ වර්ධනයක් දක්නට ලැබිණි. යුද්ධය අවසානයෙන් පසු මෙරට යටිතල පහසුකම් වල වර්ධනය, නිෂ්පාදන වර්ධනය ඇතුළු බොහෝ කරුණු හේතුවෙන් දල දේශීය නිෂ්පාදිතය ඉහල යාම කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබීම නිසා රජයේ සමස්ත ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස ගත් කල වැඩි වීමක් නොවුනි. 2011 වර්ෂයේ රුපියල් බිලියන 5,137.8 ක් වූ ණය 2014 වර්ෂය වන විට රුපියල් බිලියන 7486.9 ක් බවට පත් විය. එය 2011 දී ද.දේ.නි.ප්‍රතිශතයක් ලෙස 71.2% සිට 2014 වන විට ද.දේ.නි.ප්‍රතිශතයක් ලෙස 72.3% දක්වා 1.1% පමණ වැඩි වීමක් දක්නට තිබුණි. (මුලාශ්‍ර- https://www.cbsl.gov.lk)

නමුත් 2015 වර්ෂයේ සිදු වූ ආණ්ඩු පෙරලිය සමග ආර්ථික සමාජීය වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී විය. 5% ක සිට 2019 වර්ෂය අවසානය වන විට රටේ ආර්ථික වර්ධන වේගය 2.3% ක් දක්වා පහත බැසීම එහි එක් උදාහරණයකි. 2015 වර්ෂයේ මෙරට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) ඇමරිකානු ඩොලර් බිලියන 80.6 සිට 2019 වසර අවසාන වන විට (ද.දේ.නි.) ඇමරිකානු ඩොලර් බිලියන 84 දක්වා පමණක් වර්ධනය විය. එය 4% පමණක් වර්ධනය විය. 2010 – 14 කාලයේ 40% ක් වූ එය 2015-19 කාලය තුල 4% ක ද.දේ.නි.වර්ධනය වීම මෙරට අනාගතයට ප්‍රබල මරු පහරක් විය. (මුලාශ්‍ර- https://www.cbsl.gov.lk)

2014 වර්ෂය අවසානයේ මෙරට මුළු ණය රුපියල් බිලියන 7486.9 ක් වුවත් 2019 වසර අවසානය වන විට රුපියල් බිලියන 13,105.5 ක් දක්වා වර්ධනය විය. එම කාලය තුල රුපියල් බිලියන 5,618 ක ණය බරක් මෙරටට එකතු විය. එය 75% ක පමණ වැඩි වීමකි. මෙලෙස රාජ්‍ය ණය වැඩි වීමට ප්‍රධාන හේතු වශයෙන් එවකට පැවති රජය ක්‍රියාත්මක කල අකාර්යක්ෂම හා දුර්වල ප්‍රතිපත්ති බෙහෙවින් බලපවත්වන ලදී. මෙහිදී රජය ආයෝජන විශාල වශයෙන් ආයෝජන නොකිරීම, පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා සැබෑ දිරිගැන්වීම් නොමැතිකම ජාතික ආර්ථිකය වසර 4ක් තිස්සේ මන්දගාමී විය. ආයෝජන නොකර රජය විසින් එදිනෙදා (පුනරාවර්තන) වියදම් පියවා ගැනීම සදහා පමණක් ණය විශාල වශයෙන් ණය ගැනීම නිසා 2019 අවසන් වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 86.8% ක් දක්වා වර්ධනය විය. හම්බන්තොට වාරය චීනය වෙත බදු දීමෙන් ලද මුදල එය සැදීමට ගත් ණය ගෙවීමට නොව රජයේ පුනරාවර්තන වියදම් පියවා ගැනීම ද දක්නට ලැබිණි.

(මුලාශ්‍ර –Economic & Social Statistics of Sri Lanka )

2015 – 2019 කාලයේ ඇත්තටම ලංකාවේ ආර්ථිකය වර්ධනය වුවාද ?

2015 -19 කාලය තුල ශ්‍රී ලංකාවේ ද.දේ.නි. ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණක් වැඩි වුවද සත්‍ය ලෙසම එය වර්ධනය වුයේද යන්න සෙවිය බැලිය යුතු වේ. 2014 වර්ෂයේ ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 130.56 ක් පමණ වූ අතර 2019 වර්ෂය අවසානයේදී එය රුපියල් 178.78 ක් පමණ විය. එනම් 2015-19 කාලය තුල ඇමරිකානු ඩොලරය රුපියල් 48.22 ක පමණ අවප්‍රමාණය වූ අතර එය 37%ක පමණ ප්‍රතිශතයකි. එවිට සැබවින්ම 2015 -19 කාලය ආර්ථිකය සැබවින්ම ඍණ අගයක් වී ඇත.

(මුලාශ්‍ර –Economic & Social Statistics of Sri Lanka )

බංගලාදේශ ශ්‍රී ලංකා මුදල් හුවමාරුව ගැන රජයේ අදහස

ශ්‍රී ලංකාව බංග්ලාදේශය වැනි රටකින් ණය ගැනීමට තීරණය කරේ ඇයි ද යන්න අප මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසීමක් කරන ලදී.

“ලෝකයේ ගොඩක් රටවල් තමන්ගේ ඇති සංචිත වෙනත් රටවල ගිහින් ආයෝජනය කරනවා. ශ්‍රී ලංකාව උනත් ඇමරිකාවේ US Treasuries මිලට ගන්නවා. අපි ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නවා කියන්නේ අපි ඇමරිකාවේ ආයෝජනය කරනවා කියන එක. වෙන විදියකට කියනවා නම් ඇමරිකාව අපිට භාණ්ඩාගාර බිල් පත් විකුණලා අපෙන් ණයක් අර ගෙන කියන එක. ලංකාව හැමදාම ඇමරිකාවේ බිලියන 2,3 ක් ආයෝජනය කරලා තියෙන්නේ..ඒ කියන්නේ ඇමරිකාව අපෙන් ණයට සල්ලි ගත්ත කියල ඇමරිකාව බංකලොත් වෙලා කියන එකද ? තනිකරම මේක ආර්ථික විද්‍යාව පොඩ්ඩක් වත් දන්නේ නැති අය දේශපාලන වාසි ලබා ගන්න කරන බංකලොත් ප්‍රකාශ.”

“අපි යම්කිසි ණයක් ලබා ගන්න කොට අපි බලන්න ඕන අපිට ඒ ණය ලැබෙන පොලී අනුපාත, සහන කොන්දේසි ආදිය මිසක් ගන්න රට කුමක් ද කියන එක නෙවෙයි. ඔය කෑ ගහන ආර්ථික ඔස්තාර්ලා පසුගිය යහපාලන කාලේ යුරෝපයෙන් 7.8% ක පොලී අනුපාත වලට ණය ගන්න කොට කෑ ගහන්න ඕනනේ.යුරෝපය දියුණු නිසා වැඩි මිලට ණය ලැබුන නිසාද? බංග්ලාදේශයෙන් අඩු පොලියට ණය ගන්නකොට කෑ ගහන්නේ ඇයි?”

“මේක තනිකරම රජය අපහසුතාවයට පත් කරන්න කරන ලද වැඩක්. අද රජය කොරෝන අස්සේ උනත් කරන සාර්ථක වැඩපිළිවෙල ගැන කුහක මානසිකත්වයෙන් බලන අය ගැන මම කණගාටු වෙනවා.”

Is Sri Lanka bankrupt enough to borrow from Bangladesh?

Bangaldesh is loaning more money to US than anybody else. The same way the Sri Lanka is. Sri Lanka is loaning money to US or any other advance EU countries we call in Investment. Only thing when we give it to a 3rd world county it becomes a loan.

State Minister Ajith N Cabraal