counter hit xanga
February 3, 2023

කන්න නැතුව මැරෙන දවස අත ලඟද?

Last Updated on August 31, 2022 by Desman Chathuranga

ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකුගෙන් තිදෙනෙකු ආහාර අනාරක්ෂිත තත්ත්වයකට මුහුන දි සිටින අතර පවුල්වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් කුඩා කොටස් හෝ අඩු පෝෂ්‍යදායී ආහාර ගැනීමකට යොමුව ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දෙනවා.ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

ගැබිනි සහ කිරි දෙන කාන්තාවන්, වයස අවුරුදු 5 ට අඩු ළමුන් සහ ආබාධ සහිත පුද්ගලයින් වඩාත් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති අතර අහාර සපයා ගැනිමට නොහැකි විම මත අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව සිටි.

ඉහළ යන උද්ධමනය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට තව තවත් බලපෑම් එල්ල විය හැකි බව එම වාර්තාවේ දැක්වේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මස සියයට 58.9ක් වූ උද්ධමනය ජූලි මස සියයට 66.7 ක් දක්වා වැඩි වී ඇති අතර ඒ අනුව රටේ ආර්ථික අර්බුදය තවත් දරුණු අතට හැරෙමින් පවතින බව ඒ අනුව ඉතාම පැහැදිලි වේ.

දැනටමත් මෙම ගැටලුවට ඉක්මන් මැදිහත්වීමක් සිදු නොවූහොත් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන ගණන තව තවත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ.