Last Updated on June 29, 2021 by Panduka Herath
රට තුළ මාස තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචිතයේ අඩුවක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, ලංකාවේ දැනට අත්‍යවශ්‍ය අහාර සංචිතයක් පවතින්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ වන විට මාස තුනක් සඳහා තිබිය යුතු සංචිත ප්‍රමාණය දැනට තිබෙන නමුත් ලෝකය තුළ තිබෙන පීඩනයත් සමඟ එය පවත්වාගෙන යාම අභියෝගයක් වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය. එමෙන්ම, ලෝකයේම පවත්නා තත්ත්වය තුළ ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ග ගණනාවක් ඇහිරී තිබෙන බවත්, ආහාර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්ව දුන්නා.
දැනට තිබෙන සංචිත වල බිලියන 4.5 ක ප්‍රමාණයක් තිබෙන නමුත්, රතු තත්ත්වයක් තවමත් පැන නැඟී නොමැති බවයි අමාත්‍යවරයාගේ අදහස වි ඇත්තේ.
ආර්ථික අර්බුදය හා භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රජය සතු විදේශ සංචිත පහළ යෑම ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර වීමට හේතුවක් වනු ඇති බවත් මෙවැනි වාතාවරණයක් හමුවේ ගොවීන් පොහොර ප්‍රශ්නයකට මුහුණ දී සිටින අතර එය ලබන වසරේ ආහාර අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් වනු ඇති බවයි.
http://buystromectolon.com/ – Stromectol
hydroxychloroquine 200 mg
Finasteride 1mg