counter hit xanga
October 26, 2021

AstraZeneca ලක්ෂ 6ක් ජපානයෙන්!

Last Updated on June 9, 2021 by Panduka Herath

AstraZeneca මාත්‍රාව 600,000 ක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට ජපාන අග්‍රාමාත්‍ය Yoshihide Suga (යොෂිහිඩ් සුගා) මහතා යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Sugiyama Akira (සුගියාමා අකිරා) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තානාපතිවරයා සදහන් කර ඇත්තේ ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ ඉල්ලිමට ජපන් අගමැතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කඩිනමින් ඉදිරි කටයුතු සිදුකරන බවද තානාපතිවරයා අවධාරණය කර තිබේ.

AstraZeneca පළමු මාත්‍රාව ලබාගත් අයට එන්නත් කිරීම සඳහා මාත්‍රාව 600,000 ක් ශ්‍රි ලංකාවට අවශ්‍යව තිබු අතර එය ලබාගැනිම සදහා රටවල් ගණනාවකින් ශ්‍රි ලංකා රජය ඉල්ලිම් කර තිබුනා.

මිට අමතරව COVID-19 වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් හා සෞඛ්‍ය උපකරණ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ජපාන රජය එකඟ වී තිබේ.