Last Updated on June 2, 2021 by Panduka Herath
තමන් ඉදිරිපත් කල සිය නාමයෝජනා පත්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ GMOA නාමයෝජනා කමිටුව කටයුතු කිරිම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුර සදහා නිලවරණය වෙනුවෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමයෝජනා කමිටුව කටයුතු කර තිබේ.
නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස නාමයෝජනා කමිටුව සඳහන් කර ඇත්තේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ සාමාජික අංකය නිවැරදිව සටහන් කර නොමැතිවීමයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයේ මේ වන විට වෛද්‍ය අනුරුද්ධ පාදේණිය කටයුතු කරන අතර, ඔහු වසර 7ක් පුරා නිතරඟයෙන් එම ධූරයට පත්වෙමින් සිටීන අතර ජයරුවන් බණ්ඩාර මහතාගේ ඉදිරිපත් විමත් සමග පාදේණිය මහතා ඇතුලු කණ්ඩායම කලබලයට පත්ව සිටින අතර ඒ හේතුවෙන් මෙවර නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හා වෙනත් තනතුරු සඳහා තරඟ කරන වෛද්‍යවරුන්ව සමාජ මාධ්‍ය හරහා බියගැන්වීමේ මෙහෙයුමක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!