Last Updated on April 29, 2021 by Desman Chathuranga
ගලෙන්බිදුනුවැව කලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 හැවිරිදි ජීවන්ත රත්නායක නමැති දරුවාට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත් වි කොළඹට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබාදීමට කටයුතු කල අතර මේ වනවිට එම දරුවාගේ එක් ඇසක පෙනුම ලැබි තිබේ.
මෙසේ පෙනුම ලැබුණු රත්නායක දරුවා ශිරන්ති මහත්මිය අරලියගහ මන්දිරයේ දී මුණ ගැසි සිය පෙනුම ලැබිම ගැන සතුට ප්‍රකාශ කර තිබේ.
දෑස් නොපෙනෙන මෙම දරුවා ඇසක් ඉල්ලා කරන ලද ඉල්ලීමක් සමාජ මාධ්‍යයෙන් දැක ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එම දරුවා ගැන සිය මවට දැනුම් දී ඇති අතර ඒ අනුව සංවේදී වූ රාජපක්ෂ මහත්මිය දරුවා කොළඹට ගෙන්වා ප්‍රතිකාර කිරිම ආරම්භ කර තිබේ.
දරුවා මෙරට ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුට යොමු කර ඇති අතර, විශේෂ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම පසු එම විශේෂඥ වෛද්‍යවරයා බද්ධ කිරීමකින් තොරව එක ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බව රාජපක්ෂ මහත්මියට දැනුම් දි තිබේ. ඒ සඳහා දීර්ඝ කාලකාලීනව ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු සදහන් කර ඇත.
ඊට අවශ්‍ය බරපැන දැරීමට ඉදිරිපත් වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දරුවා අගමැති නිල නිවසට ගෙන්වාගෙන පරීක්ෂණ සහ ප්‍රතිකාරවලට කඩිනමින් යොමු කර තිබේ.එම ප්රතිකාරවලින් පසුව රත්නායක දරුවාගේ එක් ඇසක පෙනුම සියයට 30ක් දක්වා මේ වන විට වර්ධනය වී තිබේ.
අද මේ දරුවා පොතපත කියවන්නට උත්සහ දරමින් ,රූපවාහිනිය නරඹමින්, ජංගම දුරකතය හසුරුවමින් ලෝකය දකිමින් සිටියි.ජීවන්තට කෙරෙන ප්‍රතිකාර තවමත් හමාර නැත. අදත් ඔහු කොළඹට එන්නේ වෛද්‍ය පරික්ෂණයකට ලක්ව අවශ්‍ය ඹෟෂධ ලබාගන්නටය. ඒ පැමිණි ගමනේ දී ඔහු අරලියගහ මන්දිරයට අත්වැලක් නොමැතිව පය තබන්නේ ඇසක් ඉල්ලා හඬ නැගූ තමාට ආලෝකයක් ලබාදෙමින් ලෝකය දකින්නට අවස්ථාවක් ලබාදුන් ගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය හමුවී දෙපා නැමද ඇයට ස්තූතිය පුද කරන්නටය.
ඇතැම් අය ජනාධිපති අපේක්ෂයන් විමටත් පෙර ආර්යාව විමේ අසාවෙන් පෙළුණු හැටි අපේ රටේ ජනතාව දන්නා කරුණකි. ආර්යාව විමේ උණ වේදිකා ගාණේ දක්නට ලැබුනද මහා පොළොවේ කිසිදිනක එය කරන්නට ඔහුන් කටයුතු කර තිබුනේ නැත. වේදිකාවේ ආර්යාව විමේ ආසාවෙන් දැගලු ඔහුන් රාත්‍රීය ගතකලේ සමාජ ශාලා වලය.අනිත් අතට ජනතාවට සේවය කිරිම සදහා ආර්යාක්ම විම අවශ්‍ය නොවන බව ඒ නෝනලා සමහරවිට නොදන්නවා විය හැක. සමහරවිට ජනතාවගේ සේවය කිරිමට බිරිඳක්,මවක්, වි පසුව ආර්යාවක් විම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් විය හැක.
cialis tadalafil. au best price for daily cialis
ivermectin oral ivermectin price usa
cialis lilly price generic version of cialis
order cialis online no prescription australia buy tadalafil
https://gabapentin.icu/# neurontin 600 mg pill
https://cipro.best/# buy cipro online canada
https://diflucan.icu/# diflucan buy online canada
buy stromectol ivermectin cream cost
stromectol 3mg tablets order stromectol over the counter