counter hit xanga
October 26, 2021

COVID වසංගතයට ගොදුරු උනත් වැටුප හිමියි!

Last Updated on May 9, 2021 by Panduka Herath

පෞද්ගලික අංශයේ යම් සේවකයකු COVID-19 වසංගතයට ගොදුරු වුවහොත් හෝ නිරෝධායනයට ලක්වුවහොත් එම සේවකයාට අදාළ ආයතනය විසින් අනිවාර්යයෙන්ම වැටුප් ලබාදීමට කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍යවරයා දැනුම් දෙනවා.

කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කල විමසිමකදි ඔහු සදහන් කළේ මෙන්ම කොවිඩ් 19 වසංගතය පැතිරීම නිසා රැකියාවලට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සැලැකිය යුතු කාලයක් සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් අඩක් ගෙවීමටද කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන් සහ වෘත්තිය සමිති සමඟ එක්ව කරන ලද සාකච්ඡාවේදී තීරණය කර තිබේන බවයි.

මේ අනුව පෞද්ගලික අංශයේ ලක්ෂ 35කට අධික සේවකයන්ට පමණක් නොව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබා ඇති සියලුම සාමාජිකයන්ගේ රැකියා සුරක්ෂිත බවයි අමාත්‍යවරය අවධාරණය කර සිටියේ.

යම් පෞද්ගලික ආයතනයක් වසංගතය නිසා සති කිහිපයක් වසා දමනු ලැබුවත් වැටුප් ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ආයතනයක් වසංගතය නිසා සැලැකිය යුතු ලෙසින් පාඩු ලබන බවට තහවුරු වුවහොත් පමණක් සේවකයන්ට අවම වශයෙන් රුපියල් 14,500ක් ගෙවිය යුතු බවයි

යම් ආයතනයක් සේවකයකුට වැටුප් ගෙවීම පැහැර හැරියහොත් ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය දැනුම් දිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා.