counter hit xanga

ආණ්ඩුවේ පක්‍ෂ අටකින් ඒකාබද්ධ නිවේදනයක්!

Last Updated on June 14, 2021 by Desman Chathuranga

ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂ අටක නායකයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉන්ධන මිළ ඉහල දැමිම හරහා ජනතාව අසීරුතාවයට පත්කල එම විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහත සම්පූර්ණ වගකිම භාරගනිමින් වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් ඊයේ (13) විමල් විරවංශ අමාත්‍යවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාදි ගත් තීරණය අනුව අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.

මේ අකාරයේ කට්ටුවාදී සහ අපරිනත ක්‍රියාවන් විසින් අවසානයේදි ආණ්ඩුව පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටිමට හේතුවන බවත් වහාම එය පරාජය කිරිම සදහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකිමක් බවද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ

අතුරලියේ රතන හිමි, ඇමති විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර,මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම් අතාවුල්ලා, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, අසංක නවරත්න යන මහත්වරුන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.