Last Updated on May 6, 2021 by Panduka Herath
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දි තිබේ.ඒ අනුව අදාළ තින්දුව සහිතව පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව අදාල පනත් කෙටුම්පත ලබන 18 හා 19 යන දිනවල විවාද කර සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් වෙමින් තිබේන බව පාර්ලිමේන්තු වාර්තා සදහන් කරනවා.
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (5)පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රමාදය නිසා එය එදින පැවැත්වීමට නොහැකි වු අතර ඒ සදහා වෙනත් දිනයක් යොදාගන්නා බවද කතානායකවරයා සදහන් කර තිබුනා.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!