counter hit xanga
October 26, 2021

අධිකරණ ඇමති ගැන බොරු කී ආනන්දට වැඩ වරදි!

Last Updated on May 15, 2021 by Panduka Herath

එක් නඩුවක විත්තියට සහනයක් දෙන්නැයි ඉල්ලා අධිකරණ ඇමති විනිසුරුට ලිපියක් යැවු බවට මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශයක් කල ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානයේ ආනන්ද ලැනරෝල් නැමැත්තාට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එන්තරවාසියක් යවා තිබේ.

පසුගිය 10 වැනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද ලැනරෝල් නැමත්තා සදහන් කර සිටියේ ලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයාට අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ලිපියක් මගින් දැනුම් දුන් බවයි.

අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව එදිනම අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හරහ දැනුම් දුන් අතර අද අදාළ ප්‍රකාශ සිදුකල ආනන්ද ලැනරෝල් නැමත්තාට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් එන්තරවාසියක් යවා තිබේ.

නීතිඥ සනත් විජයවර්ධන මහතා මගින් යවා ඇති මෙම එන්තරවාසිය අනුව දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර තිබේ.

ආනන්ද ලැනරෝල් නැමත්තා මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය පහතින් බලන්න

ආනන්ද ලැනරෝල් නැමත්තා දිගින් දිගටම රටේ අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කල පුද්ගලයෙකු වන අතර ඔහු එක්සත් ජාතික පක්ෂය,සමගී ජනබලවේගය සහ විපක්ෂයේ විකල්ප ක්‍රියාකාරින් සමග විවිධ මාධ්‍ය හමුවල ප්‍රකාශ නිකුත් කල අයෙකුද වනවා.