counter hit xanga

පක්ෂ නායක රැස්වීමේදී විමල්ට පල දුන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි…

Last Updated on April 20, 2021 by Panduka Herath

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දහවල් පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමට විමල් විරවංශ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් මගහැර යැම පිලිබදව දේශපාලන මතධාරීන් විවිධ අදහස් පලකරමින් සිටි. විමල්ගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ගත් වැරදි තින්දු සම්බන්ධයෙන් සaජුවම සටන් කිරිම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කල ජනිපෙ JNP ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා පක්ෂ නායක රැස්වීම විමල් මගහැර සිටිම සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කර තිබේ.

ඔහු සිය සටහන අවසන් කර ඇත්තේ….

“විමල් මහින්ද ඉදිරියේ දණ ගසාගෙන සිටින ගමන් මහින්ද ඉදිරියේ සිටගෙන සිටි අපටත් දණ ගහපන් කීමය.අද පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවීම සාධාරණීකරණය කිරීමට විමල්ට ඇත්තේ එක සාධාරණ හේතුවක් පමණි.එනම් අද පක්ෂ නායක රැස්වීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සහභාගී වන බවට වැරදි හෝ ආරංචියක් ඔහුට ලැබී තිබුණා නම් පමණි.”

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ තැබු සටහන ….

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අදට යෙදී තිබිණි.ඒ සම්බන්ධ පුළුළ් ප්‍රචාරයක් ලබා දුන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිටින විමල් ඇතුළු ඉඟුරු කල්ලිය විසිනි.ඔවුන් කියූ කතන්දරවල හැටියට අපිට නම් හිතුනේ අද ඇඟ කිලිපොලා යන සටන් ජවනිකා දෙක තුනක් බලන්න පුළුවන් වෙයි කියායි.නමුත් අවසන් මෙහොතේ කාගේත් බලාපොරොත්තු සියල්ල සුන්වී ගියේය.ඊට හේතුව වූයේ විමල් ඇතුළු ඉඟුරු කල්ලියේ පිරිස ඊට සහභාගී නොවීමයි.විමල් උදෙන්ම ගොස් අගමැති මහින්ද හමුවී දුක කියා පලාගොස් තිබිණි. විමල්ට අනුව එය උපක්‍රමික පසු බැහීමක් විය හැකිය.

ඒ සම්බන්ධව ඉඟුරු කල්ලියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පක්ෂ නායක රැස්වීමට සුදුසුකම් නැති පිරිසක් සහභාගී විමට නියමිතව සිටි බවයි.ඒ බව ඊයේ සවස විමල්ට හිතවත් මාධ්‍ය ජාලා ඔස්සේද හෙළිදරව් කර තිබිණි.එම නිසා අනවශ්‍ය සංවාදයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඔවුන් ඊට සහභාගී නොවු බව ඔහු පැවසුවේය.ඇත්තටම එම පුවත ඇසූ සැනින් මගේ මතයකට ආවේ 2017/11/21 දින මා සහභාගීවූ අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම ගැනය.ඒ සමග මේ පුවත සන්සන්දනය කරද්දී මට හිතෙන්නේ අද විමල්ට දිට්ඨධම්මවේදනීය කර්ම පඩිසන් දී ඇති බවයි.

අගමැතිතුමා අද කැදවූ පක්ෂ නායක රැස්වීමට එතුමා මැරයන් ගෙන ආවා කියා මා සිතන්නේ නැත.බොහෝ විට වැඩිපුර ඇමතිවරු කීපදෙනෙකු සහභාගී වන්නට ඇත.ඔවුන් විමල්ට විරුද්ධ මතය දරන අයවීමටද පුළුවන්. එය හරි යැයි මා කියන්නේද නැත.නමුත් එදා විමල් කැදවූ ජානීපෙ දේශපාලන මණ්ඩලයේ තත්වය මීට හාත්පසින්ම වෙනස්ය.ඒ වනවිට ජානීපෙ දේශපාලන මණ්ඩලය තුළ ප්‍රකාශිත හා අප්‍රකාශිත ලෙස 23 දෙනෙකු නියෝජනය කළේය.එදින ඊට 21 දෙනෙකු සහභාගි විය. තිදෙනෙකු පමණක් මධ්‍යස්ථව අදහස් ප්‍රකාශ කළේය.මා හැරුණු විට සිටි ඉතිරි 16 දෙනා විමල්ගේ දේශපාලන කුලී හේවායන්ය විය. කොළඹ දිස්ත්‍රික් විමල්ගේ කුළී මැරයා වූ සපත්තුවා ඇතුළු 25 ක 30 ක පිරිසක් සමග පිටතට වී සිටියේය.ඊට අමතරව විශ්‍රාම ගිය හමුදා නිලධාරී මේජර් රිටිගහපොල සමග තවත් කණ්ඩායමක් එහි සිටියේය.ඊට අමතරව කාර්යාලය ඉදිරිපිට පහල වාහනයක තවත් පිරිසක් සිටියේය.

උස් සංවාද ඇතිවෙන හැම විටම මැරයෝ ජනෙල් දොරවල් එල්ලී බලා සිටියේය.අද පක්ෂ නායක රැස්වීමට යන විට විමල්ට පක්ෂව අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂ නැතිවුනත් පක්ෂ නායකයෝද ලෙස පෙනී සිටින 08 දෙනෙකු සිටියේය.එහෙත් එදා මම තට්ට තනියමය. විමල් සමග 16 දෙනෙකු එක පැත්තේය.ඔවුන් සියලු දෙනා මට අවි ආමෝරාගෙනය. දෙපැත්තේ දෙන්නා වචනයක් වැරදුනොත් මට ගහන්න ලෑස්ති වී අවස්ථා කීපයකදීම නැගී සිටියේය.නමුත් මා යටත් වුනේ නැත.උදේම ඇවිත් කාර්යාලයේ සිසිර අයියට කියා ගෙදර ගියේ නැත.මම තනිව ප්‍රශ්නයට මුහුණ දුන්නේය.මම විමල්ටත් ජානීපෙ දේශපාලන මණ්ඩලයටත් කියන්න ඕනි හැමදේම නිරවුල්ව කීවේය.විමල් බලහත්කාරයෙන් අත්සන් ගැනීමට ගෙනා ලිපිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය.එය අත්සන් කරන්න කියා විමල් මට දැමූ තගට මමත් තනිවම උනත් විමල්ට තගක් දැම්මේය.මම තනිව මගේ මතය ජයග්‍රහණය කරවූයේය.

එදා මම විමල්ට යටත්වන තුරු දේපාලන මණ්ඩලයේ ඉංග්‍රීසි පුවත්පත් කියවමින් සිටි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුදා උදේ මට කතා කළේය.ඔහු මට කීවේ ඔයා වීරයා වගේ ඉල්ලා අස්වුණා.දැන් කවුද පක්ෂය ගෙනියන්නේ කියායි.මා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.අයියේ බහුතරය වැරැද්ද වෙනුවෙන් පෙනී සිටින වෙලාවත් මම මගේ පෞරුෂය වෙනුවෙන් පෙනී හිටියා කියායි.මා එම දේශපාලන මණ්ඩලයේදී විමල්ට කියන්න අවශ්‍ය සියල්ලම කීවේය.අද විමල් ඇමතිවරු කීපදෙනෙක් වැඩි උනා කියා පක්ෂ නායක රැස්වීම සහභාගී වී නැත.ඔහු තමන්ගේ මතය නොකියා පලා ගොසින්ය.ඒ ඔවුන් ඉදිරියේ තමන්ගේ මතය ගොනුකර කියා ගැනීමට ඔහුට ධෛර්යයක් නැති නිසාය.

නමුත් මීට වසර තුනකට ඉහත ඉතිහාසයේ මීට වඩා දැවැන්ත පීඩනයක් විමල් මට දුන්නේය.නමුත් ඒ පිඩනය දරාගෙන මම ප්‍රශ්නයට මුහුණ දුන්නේය.නමුත් මෙහි ඇති විශේෂය මෙයයි.මම ප්‍රශ්නයට මුහුණ දුන්නේ උත්තරයක් කලින් හදාගෙන නොවේ.එන උත්තරයක් බාර ගැනීමට සූදානමිනි.නමුත් විමල් මෙහිදී සාදාගත් උත්තරයක් තිබේ.ඒ පිලිකන්න රැක ගැනීමේ උත්තරයයි.එය නොලැබෙන බව දැනෙන්නේ නම් පලායෑම විමල්ගේ සාමාන්‍ය සිරිතකි.විමල් එදා කරන්න හැදුවේ මෙයයි.විමල් මහින්ද ඉදිරියේ දණ ගසාගෙන සිටින ගමන් මහින්ද ඉදිරියේ සිටගෙන සිටි අපටත් දණ ගහපන් කීමය.අද පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවීම සාධාරණීකරණය කිරීමට විමල්ට ඇත්තේ එක සාධාරණ හේතුවක් පමණි.එනම් අද පක්ෂ නායක රැස්වීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සහභාගී වන බවට වැරදි හෝ ආරංචියක් ඔහුට ලැබී තිබුණා නම් පමණි.

ප්‍රියන්ජිත් විතාරණ.