counter hit xanga
August 12, 2022

භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!

Last Updated on June 23, 2022 by Panduka Herath

හෙට සිට ඉන්ධන මිල වැඩි කිරීම ක්‍රියාත්මක කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සුදානම් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 100 කට වඩා වැඩි විමේ අවස්ථාවක් ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ගෑස් අහිමිවිම සහ වතුකරයේ ඇතුලු ග්‍රාමීය ජනතාවගේ දෛනික අවශ්‍යතාවක් වන භූමිතෙල් ලීටරයක් රුපියල් 200 කට අධික මිලකින් ඉහල යැමට නියමිත බවද වාර්තා වේ.

ලෝක වෙළෙඳපොළේ ඩොලරයේ මිල අනුව ඉන්ධන මිල වැඩි කිරීම සෑම මසකම 24 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුනා.