counter hit xanga
October 26, 2021

Update: බිරිඳ මැරු සැමියා ඉතාලි බන්ධනගාරය තුල සියදිවි නසා ගනී!

රෝම නගරයේ මහ දවල් බිරිඳ ඝාතනය කරයි! දෙදෙනාම ශ්‍රී ලාංකිකයන්!

Last Updated on June 2, 2021 by Panduka Herath

Update: පවුල් ආරවුලක් දුරදිගගොස් ඉතාලියේ රෝම නගරයේදි තම බිරිඳව ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි ශ්‍රී ලාංකිකයා ඊයේ (01) බන්ධනාගාරය තුළදී සියදිවි හානිකරගෙන තිබේන බව www.ansa.it වෙබ් අඩවිය වාර්තා කරනවා.

රෝම් පොලීසිය සදහන් කල බවට මාධ්‍ය වාර්තා කර ඇත්තේ කලෙක සිට ඉතාලියේ සේවය කරමින් සිටි ශ්‍රි ලංකාවේ රද්දොළුව ප්‍රදේශයේ පදිංචි කෝරළගමගේ චන්දන ප්‍රසාද් ප්‍රනාන්දු (අවු 49) නැමති අයෙකු බවයි. මෙම පුද්ගලයා අතින් ඝාතනයට ලක්ව තිබුණේ ශාන්තිනි ප්‍රියදර්ශනි (අවු 40) නැමති ඔහුගේ බිරිඳයි.

අදාළ සැකකරු Frosinone බන්ධනාගාරය තුළ හුදකලා කාමරයක රඳවා තිබි ඇති අතර නිදගන්න ලබා දි තිබු ඇඳ ඇතිරිල්ලක් ගෙලට දමාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බවට මූලික පරික්ෂණවලදි තොරතුරු හෙළි වු බව රෝම් පොලීසිය සදහන් කර තිබේ.

රෝම නගරයේ මහ දවල් බිරිඳ ඝාතනය කරයි! දෙදෙනාම ශ්‍රී ලාංකිකයන්!

ඉතාලියේ Rome (රෝම්) අගනුවර Portuense නැමති විදීයකදි ඊයේ (29ද) දහවල් ලාංකික අඹු සැමියන් අතර වු බහින්බස්වීමක් දුරදිගගොස් ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බිරිඳ මියගොස් තිබේන බව Italy24 News වෙබ් අඩවිය වාර්තා කරනවා.

Rome නගරයේ රැකියාව කරමින් ජිවත් වු ලාංකික 40 හැවිරිදි කාන්තාවක මේම පිහිපහරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පිහි ඇනුම් පහර 12කට වැඩි ප්‍රමාණයක් ඇයට එල්ල වි තිබෙන බව රෝම් පොලිසිය සදහන් කර තිබේ.බරපතල තුවාල ලබා සිටි කාන්තාව ගිලන් රථයකින් San Camillo රෝහලට ඇතුල් කර ඇති අතර ඇය රෝහලේදි මියගිය ගොස් තිබේ.රෝම් වෙළාවෙන් ඊයේ (29) දවහල් 2.30ට පමණ මෙම පහරදිම සිදුව තිබේ.

www.ruetir.com වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ අදාළ කාන්තාව සුපිරි වෙළද සැලක සිට පිටතට පැමිණී අවස්ථාවේ එහි පිවිසුම් මාර්ගයේ ස්කූටර්‍යකින් පැමිණ සිටි ඇයගේ සැමියා තමන් සමග යැමට ආරාධනා කල බවයි.එම ආරාධනාව ඇය විසින් ප්‍රතික්ෂප කර ඉදිරියට ගමන් කිරිමේදි පසුපසින් පැමිණී ඇයගේ සැමියා පිහි පහර එල්ල කල බවයි.

ඝාතනයට ලක්වු අදාළ කාන්තාව බස් රථයක් එනතුරු මගි නැවතුමක සිටියදි එම ස්ථානයට පැමිණි එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සමග බහින්බස් විමක් හටගෙන තිබේන අතර බහින් බස්වීමක් දුරදිගගොස් ස්වාමි පුරුෂයා විසින් සඟවාගෙන තිබු තියුණු මුළුතැන්ගෙයි පිහියකින් පහරදි තිබේ.ඇයගේ ස්වාමි පුරුෂයා 49 වන හැවිදිරි වියේ පසුවන බවද එම වාර්තා සදහන් කරයි. ඝතනය සිදු කල තියුණු ආයුධයත් සමග එම ස්ථානයේදීම ලාංකික සැමියා අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබේ.

ඝාතනයට ලක්වු කාන්තාව දින 10ක පමණ කාලයක සිට ස්වාමි පුරුෂයාව ඇතහැර ගොස් වෙනත් ස්ථානයක ජිවත්ව ඇති අතර නැවත තමන් සමග ජිවත් වීමට පැමිණෙන ලෙස ස්වාමිපුරුෂයා කල ඉල්ලිම බිරිඳ විසින් ප්‍රතික්ෂේප කිරිමේ හේතුවෙන් මෙම බහින් බස් විම හටගෙන තිබේන බවයි එම වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ.