Last Updated on April 26, 2021 by Desman Chathuranga
දිවයින පුවත් පතේ පලව තිබු වාර්තාවක් සම්බන්ධයෙන් සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල බලවත් ලෙස කිපිමට ලක්ව ආණ්ඩුවද පෙරලා දමන බව ප්‍රකාශ කර ඇති බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණයි කළා.
සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට කිරිඇල්ල මහතා එක්ව සිටි අවස්ථාවේ ඉරිදා දිවයින පුවත් පතේ “ඕනෑම ගොනෙකුට හන්තාන විකිණිය හැක… හිටපු ඇමැති උඩරට උරුමය රකින හැටි…! කිරිඇල්ලගේ ලේකම්වරයාගේ පවුලේ සැමට රජයේ ඉඩම්…!! කවුද මේ සුරේන්ද්‍ර බණ්ඩාර!!!” යනුවෙන් පලකර තිබු පුවත් සංවිධායකයෙකු විසින් පෙන්වා ඇති අතර එම අවස්ථාවේ කිරිඇල්ල මහතාට යක්ෂයා ආවේශ වි තිබේ.
සංවිධායකයන් කිහිප දෙනෙකුම කිරිඇල්ල මහතාගේන් අදාළ පුවත් පිළිබඳව ප්‍රශ්ණ කිරිම මල පැනිමට ප්‍රධාන හේතුව වි තිබු බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමෙන් පසුව කෙටි කතාවක් කල කිරිඇල්ල මහතා සදහන් කළේ ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැළ එලා අවසන් බවයි.
“අපි දැන්ම දැළ අදින්නේ නැහැ.සමහර විට දැළ අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි.ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ “

ඕනෑම ගොනෙකුට හන්තාන විකිණිය හැක… හිටපු ඇමැති උඩරට උරුමය රකින හැටි…! කිරිඇල්ලගේ ලේකම්වරයාගේ පවුලේ සැමට රජයේ ඉඩම්…!! කවුද මේ සුරේන්ද්‍ර බණ්ඩාර!!!
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න
කඳුයායම කට්ටි කරල පස්ස හැරිලා බලන්න
හිටපු ඇමැති උඩරට උරුමය රකින හැටි
මහනුවර නගරයටත් පේරාදෙණිය සරසවියටත් ඉහලින් නැගී සිටින හන්තාන කඳුවැටිය ”මධ්‍යම කඳුකරයේ හදවත’’ ලෙසට හඳුන්වනු ලබන්නේ එහි ඇති පාරිසරික වැදගත්කම සලකාය. ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසටත් ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික කලාපයක් ලෙසටත් සැලකෙන මෙම කඳුවැටිය ආශ‍්‍රිත වර්ග කිලෝමීටර් 38.56 ක ප‍්‍රදේශය 2010-02-17 දිනැති අංක 1641/28 දරණ ගැසට් පත‍්‍රය මගින් පාරිසරික සංරක්‍ෂණ කලාපයක් ලෙසට නම් කර ඇත්තේ මෙම අගනා සම්පතෙහි උරුමය අනාගත පරපුරට ආරක්‍ෂා කරදීමේ අරමුණිනි. එසේ වූවත් බලලෝභී දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන්ට නම් මෙම කලාපය වැදගත් වන්නේ එහි පාරිසරික වැදගත් කමෙහි අර්ථයෙන් නොවේ. ඔවුන්ට මෙය ධනය උනන උල්පතකි. විවිධ සටකපට උපාය උපක‍්‍රම මගින් මෙහි ඉඩම් කොටස් කොටුකර තම නම් වලින් ලියා ගැනීමත් පසුව එම ඉඩම් කැබලි කරමින් විකුුණා දමමින් පරම්පරා ගණනකට සරිලන ලෙස ධනය කඳු ගසා ගැනීමත් මොවුන්ගේ ප‍්‍රධාන අරමුණ බවට පත් වෙමින් තිබේ. පසුගිය යහපාලන සමයේ ”උඩරට උරුමය සුරුකීම’’ සඳහා පිහිටුවන ලද අමාත්‍යාංශයක ඇමැතිවරයෙකු විසින් සිදු කරන මෙම ඉඩම් කොල්ලයට අනුව හන්තාන පාරිසරික කලාපයේ විශාල ප‍්‍රදේශයක් දැනටමත් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන්ගේ නමින් ලියැවී හමාරය. ඉන් සෑහීමකට පත් නොවන මෙම දේශපාලනඥයා සිය සට්ටැඹි ප‍්‍රාදේශීය දේශපාලකයෙක් යොදාගෙන හන්තාන කඳුවැටියේ බටහිර මායිමේ පිහිටි ”මහකන්දවත්ත’’ නැමැති ප‍්‍රදේශය කට්ටි කරමින් තම ගෝලබාලයන්ගේ නමින් ලියා ගැනීමට ගන්නා පිළිකුල් සහගත උත්සාහයක් පිළිබඳ හෙළිදරව් කිරීමට අද අපට හැකිව තිබේ.
වෙන්දේසි කළ හන්තාන

වර්ෂ 2000 ට ආසන්න කාලසීමාවේදී මහනුවර හන්තාන වතු යායට අයත් ඉඩම්වලින් අක්කර ගණනාවක් ඉතා සුළු මුදලකට අංක 121/1 පහලවෙල පාර, තලංගම දකුණ ලිපිනයේ පදිංචි චාමනී කිරිඇල්ල නම් කාන්තාවකට පවරා දෙන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසට ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කටයුතු කරන සමයේදීය. මෙම පවරාදීමෙන් වසර කිහිපයකට පසුව 2007 පෙබරවාරි 06 වන දින අංක 5804 දරණ තෑගි ඔප්පුව මගින් අදාළ කාන්තාව මෙම අක්කර 4 යි රූඞ් 3 යි පර්චස් 35 ක් විශාල වන ඉඩමෙහි නොබෙදූ සම අයිතිය සිය ස්වාමිපුරුෂයා වන ”ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ලට පවරා දෙන අතර එම තෑගි ඔප්පුව මහනුවර දිස්ත‍්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ 2007 පෙබරවාරි 07 වන දිනැතිව අංක 5174 යටතේ ලියාපදිංචි කර තිබේ.
ඉන් වසර කිහිපයක් ඇවෑමෙන් මෙම ඉඩම පිඹුරු අංක 2768 මගින් පර්චස් 20 කැබලිවලට කඩන අතර ඒ සඳහා මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප‍්‍රාදේශීය සභාවෙන් අවසර ලබාගෙන ඇත්තේ ”සංවර්ධන කටයුතු සඳහා පමණක් අවසර ලබාදෙන බවට’’ සඳහන් සටහනක්ද සමගිනි. කෙසේ නමුත් රජයේ නීති රීති සහ ආයතන රෙගුලාසි තමනට අවශ්‍ය ලෙසට නමා ගනිමින් බලධාරීන්ගේ කන්වලින් රිංගා යන මෙම ලක්‍ෂමන් කිරිඇල්ල නම් පුද්ගලයා 2018 වසරේදී මෙම ඉඩම් කට්ටි වෙන්දේසි කරන ලද්දේ පර්චසය රුපියල් ලක්‍ෂ 5 ත් 7 ත් අතර මුදලකටය. පර්චස් 20 කට වැඩි බිම් කොටස් 15 ක් වෙන්දේසි කර ඇති අතර එහි සම්පූර්ණ පර්චස් ප‍්‍රමාණය පර්චස් 353.9 කි. පර්චසය රුපියල් ලක්‍ෂ 5 වන සාමාන්‍යයක් ලෙස මිල කළත් මෙම ඉඩම් විකිණීමෙන් ඔහු උපයාගෙන ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් ලක්‍ෂ 1769.5 කි. හොඳයි නේද ගැහිල්ල. මෙය බැඳුම්කර ගැහිල්ලට එහා ගිය ගැහිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත. තමන් විසින් සංවර්ධන කටයුතු සඳහා පමණක් යයි කියමින් අවසර ලබාදුන් මෙම ඉඩමේ වෙන්දේසි කළ බිම් කැබලිවල සුඛෝපභෝගී නිවාස ඉදිවී තිබෙන අයුරු බලා කියා ගැනීමට දැන් එම ස්ථානයට ගියහොත් ගඟවට කෝරලයේ ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට හැකි වන බවත් අප මෙහි ලියා තබන්නේ එම නිවාස ඉදිකළ ඇත්තන්ට අහිතක් කිරීමේ අරමුණින් නොවේ. කෙසේ වෙතත් මෙහි සඳහන් ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල නම් පුද්ගලයා මහනුවර ප‍්‍රදේශයේ කීර්තිමත් ජනහිතකාමී දේශපාලනඥයෙකු වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා වීමට කිසිම ඉඩක් නැති බව අපගේ විශ්වාසයයි.
“ලබ්බට තැබූ අත පුහුලටත්” තබන්නට හදයි
“ලබ්බට තැබූ අත පුහුලටත් තබනවා” යයි කියමනක් අපගේ ජනවහරේ තිබෙන්නේ එක් විනාශයක් කළ අයෙකු තවත් එවැනිම විනාශකාරී ක‍්‍රියාවක් සිදු කරන්නට කැස කවන විටදීය. ඒ අනුව හන්තාන කන්දෙන් වැඩි කොටසක් තමන්ගේ සින්නක්කර උරුමයට ලියා ගත් මෙම අමන දේශපාලනඥයන් ඔවුන්ගේ සට්ටැඹියන්ද සමග හන්තාන කන්දේ ඉතිරිව තිබෙන බිම් කඩවල් ටිකටත් වැඬේ දෙන්නට කැස කවමින් සිටින අයුරු සාක්‍ෂි සහිතව දැන් හෙළිදරව් වෙමින් තිබේ. මෙම ක‍්‍රියාවලිය ඇරඹෙන්නේ ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභානායක සහ විශ්වවිද්‍යාල සහ මහාමාර්ග යන අපූරු කැබිනට් අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙසින් වැඩ භාරගත් ආසන්නයේදීමය. එය සිදුවන්නේ මෙසේය. නොම්මර 322, ගලහ පාර, මහකන්ද, හිඳගල යන ලිපිනයේ පදිංචි ටී. එම්. සුරේන්ද්‍ර බණ්ඩාර නම් පුද්ගලයෙකු 2015-09-27 දිනැතිව කිරිඇල්ල අමාත්‍යවරයාට ලිපියක් ලියමින්් ඉල්ලා තිබෙන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂමට අයත් මහකන්ද වත්ත නැමැති ඉඩම කට්ටි කර ජනතාවට බෙදාදීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසයි. එම ලිපියට අනුව වහාම ක‍්‍රියාත්මක වන කිරිඇල්ල මහතා එම ඉඩම නිදහස් කරලීමට කටයුතු කරන මෙන් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂමේ සභාපතිවරයාට නියෝග කර ඇත. ඉන් අනතුරුව මේ හා සම්බන්ධ රාජ්‍ය ආයතනයන් අතර ලිපි ගනුදෙනු රාශියක් සිදුවන අතර ඒ සෑම අවස්ථාවකදීම කිරිඇල්ල අමාත්‍යවරයා සිය නිල තත්්ත්වය යොදාගනිමින් ඊට මැදිහත්වන අයුරු දකින්නට ලැබේ.
හන්තානෙන් අක්කර 8ක් බෙදා වෙන් කරයි
ඉන් අනතුරුව 2016-07-27 වන දිනැති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අංක 15/4/4/1238 දරන ලිපිය මගින් මෙම ඉඩම මැනීම සඳහා වන නියෝගය නිකුත් කරන අතර ඊට අනුව මහකන්දවත්ත නැමැති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මෙම ඉඩමෙන් අක්කර 8 ක පමණ භූමියක් වෙන්කර කට්ටි කඩනු ලබයි. ඒ සඳහා මැණුම් කටයුතු කර ඇත්තේ ශුභානි. ජී. එච්. තෙන්නකෝන් නැමැති රජයේ මිනින්දෝරුවරියයි. ඇය මෙම ඉඩම සඳහා පිඹුරු දෙකක් සකස් කර ඇති අතර ඒවායේ අංක 3247 සහ 3245 වේ. මෙමගින් බෙදාදීමට යෝජිත ඉඩම් කට්ටි සංඛ්‍යාව පර්චස් 20 බැගින් වන ඉඩම් කට්ටි 61 කි. හන්තාන පාරිසරික සංරක්‍ෂණ කලාපයේ සිදුකරන ඕනෑම සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් හන්තාන ආරක්‍ෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලබාගෙන තිබිය යුතු වන නමුත් මෙම මැණුම් කටයුතු කරනු ලබන අවස්ථාව වන විටත් හන්තාන ආරක්‍ෂණ කමිටුවේ අනුමැතිය ලබාගෙන තිබී නැත.
මෙම ක‍්‍රියාවලිය තුළ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂම අසාමාන්‍ය උනන්දුවකින් මෙම කටයුත්ත සඳහා මැදිහත් වන අතර බොහෝ කටයුතු සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂවරයා පෞද්ගලිකවම මැදිහත් වේ. (එහි රහස මෙහි පසුව හෙළිදරව් කරනු ලබන බව සැලකුව මනාය.) ඒ බව පැහැදිලි වන්නේ 2016-08-16 දිනැතිව මහනුවර දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂකවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන ලද ලිපිය මගිනි. සුරේන්ද්‍ර බණ්ඩාර නැමැත්තාගේ ඉල්ලීම මත මැන අවසන් කරන ලද ඉඩම සම්බන්ධයෙන් පරිසර වාර්තාව අයදුම් කළ යුත්තේ ඔහු විසින්ම වන නමුත් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂවරයා ඉහත ලිපිය මගින් කොමිෂම විසින් බෙදා දීමට නියමිත ඉඩම සඳහා පරිසර වාර්තාව ලබාදෙන මෙන් ඉල්ලා සිටින ලද්දේ අන් කිසිවකුටත් වඩා මෙම ඉඩම් කට්ටි බෙදා දීමට ඔහුට අවශ්‍යතාවයක් පවතින නිසා බව පැහැදිලි නොවන්නේද. මෙම ගැටලූව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප‍්‍රශ්න කරනු ලැබීම නිසා සුරේන්ද්‍ර බණ්ඩාර සිය අත්සනින් යුතු ලිපියක් 2017-10-10 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරියේ පොල්ගොල්ල කාර්යාලය වෙත ඉදිරිපත් කරමින පරිසර වාර්තාව නැවත ඉල්ලා තිබේ.
කිරිඇල්ලගේ ලේකම්වරයාගේ පවුලේ සැමට රජයේ ඉඩම්

“බළලා මල්ලෙන් එළියට පනින්නේ” මෙහි අවසාන අදියරයන්හිදීය. මැන අවසන් කර අංක ලබාදෙන ලද ඉඩම් කට්ටි 61 සඳහා සුදුස්සන් තෝරා ගැනීම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් සිදුකළ යුතු වන නමුත් එවකට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල සිය 2016-12-14 දිනැතිව නිල ලිපි ශීර්ෂයක ලියන ලද ලිපියක් මගින් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අමතමින් නියෝග කර සිටින්නේ ඔහුගේ ඉල්ලීම මත මැන අවසන් කර ඇති මහකන්ද වත්ත ඉඩමේ ඉඩම් කට්ටි එම ලිපිය සමග ඉදිරිපත් කරන නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයන් හට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. මෙම ලිපියේ පෙර ෙඡ්දයේ විස්තර කර ඇති පරිදි අදාළ ඉඩම සඳහා පරිසර වාර්තාව අයදුම් කරන්නේ 2017 -10-10 දිනය. එහෙත් එම දිනයට මාස 10 කටත් පෙරාතුව මෙම ඉඩම් කට්ටි බෙදාදීම සඳහා පුද්ගලයන් නම් කර තිබීම හාස්‍ය සහගත කාරණයක් නොවන්නේද?.
මෙම නාම ලේඛනය සකස් කර ඇති ආකාරයද අපූරුය. අප වෙත ලැබී ඇති ලේඛනයට අනුව මෙම නම් ලැයිස්තුව සුරේන්ද්‍ර බණ්ඩාර නම් පුද්ගලයා විසින් සකස් කර කිරිඇල්ල මහතාට ලබාදී ඇති අතර ඒ සඳහා ඇතුළත් වීමට මූලික සුදුසුකම ලෙස සලකා ඇත්තේ එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු වීමය. ඒ අනුව කිරිඇල්ල මහතාගේ දේශපාලන ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීව නියැළුන මහකන්ද, හඳගල, සරසවිගම ප‍්‍රදේශවල එක්සත් ජාතික පාක්‍ෂිකයන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙම බොහෝ පුද්ගලයන්ට එම ප‍්‍රදේශවල පාරම්පරික ඉඩම් තිබෙන අතර ඇතැම් පුද්ගලයන් මේ වන විටත් තමන්ට ලැබීමට නියමිත ඉඩම් කොටස වෙනත් අයවළුන් වෙත පැවරිම සඳහා අත්තිකාරම් මුදල් පවා ලබාගෙන ඇත. මෙහි හාස්‍යජනකම තත්ත්වය නම් මෙම ලැයිස්තුවට කිරිඇල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන සුරේන්ද්‍ර බණ්ඩාර නම් පුද්ගලයාගේ නම සමග එකම පවුලේ 5 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබීමයි. හැන්ද අතේ ඇති පුද්ගලයා යහමින් බෙදා ගැනීමට උත්සාහ කර ඇති අපූරුව පෙනෙන අතර මෙහි ඇතුළත්ව නැත්තේ සුරේන්ද්‍ර බණ්ඩාරගේ නිවසේ ඇති කරන සුරතල් බල්ලාගේ නම පමණකි.
කවුද මේ සුරේන්ද්‍ර බණ්ඩාර
මෙම තක්කඩි වැඩසටහනේ ප‍්‍රධාන වගඋත්තර කරුවා ලෙස කටයුතු කර ඇති බව පෙනී යන මේ සුරේන්ද්‍ර බණ්ඩාර නම් පුද්ගලයා කවුදැයි දැන ගැනීම වැදගත්ය. ඔහු ලක්‍ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වේ. එසේම පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු වශයෙන් මහනුවර කඩවත් සතර හා ග`ගවට කෝරළය ප‍්‍රාදේශීය සභාවට තරග කර ඇති නමුත් ජයග‍්‍රහණය කිරිමට නොහැකිවූ පුද්ගලයෙකි. පසුගිය යහපාලන ආණ්ඩු කාලයේදී කිරිඇල්ල ඇමැතිවරයා විසින් මහජන මුදලින් රුපියල් ලක්‍ෂයට ආසන්න දීමනාවක් ගෙවමින් නඩත්තු කරන ලද පුද්ගලයෙකුද වේ.
මෙම පුද්ගලයා ග`ගවට කෝරලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු වන අතර එහි කටයුතු කරන සමයේ කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිෂමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන, නඩු පවරා බන්ධනාගාරගත කර ඇති අතර වසර 7 කට ප‍්‍රජා අයිතියද අහිමි කොට තිබූ පුද්ගලයෙකි.
රජයේ ඉඩම් ලබා දීමට මුදල් එකතු කල හැටි
මේ තක්කඩි වැඩට සම්බන්ධ පුද්ගලයෙක්, මහකන්ද වත්ත ඉඩමෙහි ඉඩම් කට්ටි ලබාදීම සඳහා නාමලේඛනය සැකසීමේදී එයට පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 25000 බැගින් මුදල් ලබාගෙන ඇති බවට විශ්වාසදායක තොරතුරු අප වෙත ලැබී තිබේ. එම පුද්ගලයාගේ බිරිඳ මෙම මුදල් ලබාගැනීමට පුද්ගලයන් වෙත දුරකථනයෙන් අමතා බලපෑම් සිදුකර ඇති අවස්ථාද තිබේ. 40 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් එසේ මුදල් එකතු කර ඇති අතර එමගින් ඔවුන් එක්රැස් කරගෙන ඇති මුදල් ප‍්‍රමාණය පමණක් මිලියනයකට ආසන්නය. එසේම මෙම ඉඩම් කොටස් සඳහා බාහිර පුද්ගලයන් 10 කට ආසන්න පිරිසක් ව්‍යාජ ලෙස ඇතුළත් කර ඇති අතර එසේ එම පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 3 සිට 5 දක්වා මුදලක් එක් පුද්ගලයෙකුගෙන් අයකරගෙන තිබෙන බවද දැනගන්නට ඇත. එමගින් දල වශයෙන් රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් මොවුන් දෙදෙනා එක්රැස් කරගන්නට ඇතැයි අනුමාන කෙරේ. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අදාළ ලිපිගොනුවේ ඇති නාමලේඛනය පරීක්‍ෂා කළහොත් මෙම නම් සොයාගැනීමට අසීරු නොවනු ඇත. මේ හා සම්බන්ධ ගනුදෙනු වලට අදාළව එක්තරා පුද්ගලයෙකුට එරෙහිව පේරාදෙණිය පොලිසියේ මේ වන විටත් පැමිණිලි කිහිපයක්ම සටහන්ව තිබේ.
ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ටත් ඉඩම් කොටස්
එසේම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර දිස්ත‍්‍රික් කාර්යාලයේ වර්තමාන අධ්‍යක්‍ෂවරයාට මෙන්ම හිටපු අධ්‍යක්‍ෂකවරයාටත්, ලිපිකාරිණියන් දෙදෙනකුටත් මෙම නාමලේඛනය මගින් ඉඩම් කොටස් ලබාදීමට කටයුතු කර තිබෙන අතර අප මෙම ලිපියේ මුල සඳහන් කර ඇති පරිදි එම කොමිෂන් සභාවේ මහනුවර දිස්ත‍්‍රික් කාර්යාලයේ නිලධාරින් මෙම ඉඩම් බෙදාදීම සඳහා අසාමාන්‍ය උනන්දුවකින් කටයුතු කර තිබෙනුයේ එබැවිනි. අධ්‍යක්‍ෂවරයාට සහ හිටපු අධ්‍යක්‍ෂවරයාට වෙන්කළ ඉඩම් කොටස් සඳහා ඔවුන්ගේ ඥාතීන් දෙදෙනකුගේ නම් ඇතුළත් කර තිබෙන අතර ලිපිකාරිණියන් දෙදෙනා ඔවුන්ගේ ඉඩම් කොටස් සඳහා වෙනත් පුද්ගලයන් දෙදෙනකුගේ නම් ඇතුළත් කර මුදල් ලබාගෙන ඇත. මේ හා සම්බන්ධ ප‍්‍රබල සාක්‍ෂි අප සතුවන අතර අවශ්‍ය වේ නම් ඒවා ඉදිරිපත් කළ හැකිය. කිරිඇල්ල අමාත්‍යවරයා විසින් ඉඩම් ලබාදීම සඳහා නිර්දේශ කර ඉදිරිපත් කළ නාමලේඛනයේ බී. එච්. එම්. රංජිත් බණ්ඩාර, තේ පර්යේෂණ ආයතනය, මහනුවර යනුවෙන් සඳහන් නමත්, ප‍්‍රියදර්ශන බණ්ඩාර කරුණාරත්න, කොටුගොඩැල්ල වීදිය, මහනුවර යනුවෙන් සඳහන් නමත්, ධනේෂ් ඉන්දික කුමාර, 73/5 වට්ටාරන්තැන්න, මහනුවර යන නමත්, කේ. කේ. කුමාරි, 100, පල්ලේගම, අම්පිටිය යනුවෙන් සඳහන් වන නමත් වශයෙන් වන පුද්ගලයන්හට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරින් සමග ඇති සම්බන්ධය කුමක්දැයි සොයා බැලූවහොත් මෙම කාරණය හෙළිදරව්වනු ඇත. තවත් නම් කිහිපයක්ම ඇති අතර අවශ්‍ය වේ නම් ඒවාද හෙළිදරව් කිරීමට අපට හැකිය.
ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප‍්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරන සමගි ජන බලවේගය මෑතකදී ”හරිත පක්‍ෂය’’ක් බවට නිල වශයෙන් නම් කළ අතර සිංහරාජයේද, මීමුරේද, මුතුරාජවෙලද, ගම්පහද ආදී වශයෙන් ශ‍්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල සිදුවන්නේ යැයි කියන පරිසර විනාශයන් සම්බන්ධයෙන් ඔවුන් බොහෝ වේදනාවෙන් පාර්ලිමේන්තුවේ පවා කරුණු දක්වනු අසන්නට දකින්නට ලැබුණි. එසේ වුවත් මේ කථාවත් සමග අපට විපක්‍ෂයේ මහත්වරුන්ගෙන් ඇසීමට සිදුවන්නේ ”කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා’’ යයි කියන්නේ මේවාට නේද? කියාය.
උදේශ සංජීව ගමගේ
udeshamedia@gmail.com
[url=http://cheapdrugs.store/#]best ed pills at gnc[/url]
clomid for sale buy clomid 50mg clomid tablets
https://gabapentin.icu/# how to get neurontin
https://diflucan.icu/# diflucan 150 mg